රාජ්‍ය සේවක වෘත්තිය සමිති වැටුප් වැඩිවූ ආකාරය ප්‍රමාණවත් නොවන බව කියමින් උද්ඝෝෂණය කළත් වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් වැඩ කරන්නේ වැටුප් නොගෙනම බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
“ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට පඩි වැඩිකරලා බැනුම් අහන ආණ්ඩුව තමයි මේක. මේ කිසි කෙනෙක් උද්ඝෝෂණය කරන රජයේ සේවකයෝ කවුරුවත් පඩි වැඩිවෙලා නෑ කියලා උද්ඝෝෂණය කරන්නෙ නෑ. වැඩිවෙච්ච විදිය මදි කියලා තමයි උද්ඝෝෂණය කරන්නෙ. දැන් මෙතන සමහරු ඉන්නවා පඩියට අනුව වැඩ වෙලාද කියලා බලන්නත් ඕනෙ. මේ අය පඩි වැඩි වෙච්ච තරම මදි කියලා උද්ඝෝෂණය කරනවා, අපි පඩි නොගෙන වැඩ කරනවා. මොන ඇමතිද කෑගැහුවේ මේ අවුරුද්දේ රජයේ සේවකයින්ට පඩි වැඩිකරලා තියෙනවා, අපිටත් වැඩි කරන්න කියලා ? මොන මන්ත්‍රීවරයාද කෑගැහුවේ ? දැන් වාහන පර්මිට් ඉල්ලලා සමහරු කතා කරනවා, මන්ත්‍රීවරුන්ට පර්මිට් නෑ, වාහනත් නෑ”
සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


