කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ වැඩ කඩිනම් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW:

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ (East Container Terminal) බහාලුම් අංගනයේ මංතීරු දහයක වාණිජ මෙහෙයුම් දෙසැම්බර් මස අවසානයට පෙර ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම පියවර මගින් කොළඹ වරායේ පවතින තදබදය අවම කර ගැනීමට හැකි වනු ඇතැයි වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පැවසීය.

පරීක්ෂණ කටයුතු සාර්ථකව අවසන් වීමෙන් අනතුරුව, එම මංතීරු දහයෙන් එකක දැනටමත් පූර්ණ ස්වයංක්‍රීය වාණිජ මෙහෙයුම් ආරම්භ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉතිරි මංතීරු නවයෙහි වාණිජ මෙහෙයුම් දෙසැම්බර් මස අවසානය වන විට ආරම්භ කිරීමට නියමිත අතර, ඒ අනුව මංතීරු දහයම ක්‍රියාත්මක තත්ත්වයට පත්වනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

පසුගිය මාස කිහිපය තුළ කොළඹ වරායේ තදබදය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත්, මැද පෙරදිග පවතින උණුසුම් තත්ත්වය හේතුවෙන් තවත් නෞකා වරාය වෙත පැමිණීමේ ඉඩකඩ වැඩි වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිත සංක්‍රාන්තියේ ඉලක්ක සහ බිම් මට්ටමේ යථාර්ථය.. 

2030 දී 32%ක වනාන්තර ඉල්ලකයේ ගමන් මඟ 2010 සිට 2024...

තායිවාන ප්‍රාදේශීය මැතිවරණය: ඩිජිටල් ප්‍රචාරණය, බීජිං රතු එළි සහ 2028 දේශපාලන පෙරනිමිති

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW: ප්‍රවාහනය, ළමා සුරැකුම සහ...

පරණ බඩු වලට අලුත් බේසමක් දුන්නම ඔක්කොම හරිද?

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණයට අප යා යුත්තේ ඇයි ? " පරණ...

Back with Bebo… Old School but Still Cool!’ වසර 15කට පසු SRK–Kareena ‘Daddy Cool’(King) සමඟින්!

සටහන – පුලීනොවැම්බර් 28, LNW (කොළඹ): බොලිවුඩයේ ආකර්ෂණීය තිර යුගලයක්...