ද්විත්ව පුරවැසිභාවය සහිත පාර්ලිමේන්මේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ සොයාබලා පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කරන්න!

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වීමෙන් අනතුරුව ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ සංවාදය යළි කරළියට පැමිණීමත් සමඟ එවන් ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටී නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා මෙන් කතානායකවරයාගෙන් ඉල්ලා නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆ්රල් (PAFFREL) සංවිධානය ලිපියක් නිකුත් කර තිබේ.

රටක නීති ප්‍රතිපත්ති සම්පාදනය කරන හා මූල්‍ය පාලනය සිදුකරන ව්‍යවස්ථාදායකය තුළ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන් නියෝජනය කිරීම හරහා ජනතා විශ්වාසය බිඳී යෑමට ඉඩ ඇති අතර, එවන් පසුබිමක් තුළ ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරයකු අදාළ රටවල් දෙක අතර තීරණාත්මක ප්‍රතිපත්තිමය කරුණකදී හෝ ගිවිසුමකදී කුමන රට වෙනුවෙන් පෙනී සිටින්නේ ද යන්න පුරෝකථනය කළ නොහැකි බව පැෆ්රල් සංවිධානය අවධාරණය කරයි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...