පස් කන්දක් කඩා වැටී තලවකැලේ – පුඩළුඔය මාර්ගය සම්පුර්ණයෙන් වැසේ

තලවකැලේ – පුඩළුඔය මාර්ගයට තලවකැලේ, හොලිරූඩ් ප්‍රදේශයේදී විශාල පස් කන්දක් අද (25) සවස කඩා වැටීමෙන් එම මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වී  ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.

දින කීපයක් පුරා පවතින දැඩි වර්ෂා තත්ත්වය හේතුවෙන් මාර්ගයට මෙසේ විශාල පස් කන්දක් පතිතව ඇති අතර, මේ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනය සම්පුර්ණයෙන් ඇණහිට තිබේ.

මේ හේතුවෙන් තලවකැලේ- පුඩළුඔය මාර්ගය භාවිතා කරනු ලබන රථ වාහන   රියදුරන් ඒ වෙනුවට  වෙනත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලා සිටී.

මෙම නායයාම සිදු වු ස්ථානයට පහල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසේ කොටසක් හානියට ලක්ව තිබේ.

තලවකැලේ හා ඒ අවට ප්‍රදේශවල පවතින දැඩි වර්ෂාව හේතුවෙන් මාර්ග රැසකට පස් කදු කඩා වැටී පවතින අතර, එම මාර්ගවල රථ වාහන ධාවනය එක් මන්ත්‍රීරුවකට සීමා වි තිබේ. 

ක්‍රිෂාන්තන් 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...