*
Monday, September 23, 2024
spot_img

Latest Posts

දරුවන්ට දෙන ඖෂධවත් රටේ නෑ. හැබැයි ආණ්ඩුව මැති ඇමති සූදුවේ – සජිත් (VIDEO)

වර්තමානයේ සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටී ඇති බවත් මේ දිනවල රිච්වේ ආර්යා ළමා රෝහලේ පවා ඖෂධ හිඟයක් ඇතිව තිබෙන බවත් එවැනි තත්ත්වයක් පවතිද්දී පවා ජනාධිපති අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලය තාන්න මාන්න ලබා ගෙන වරප්‍රසාද භුක්ති විදිමින් සිටින බවත් ඔවුන්ට ජනතාව විදින වේදනාව කැපකිරීම් නොපෙනෙන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ අනාගතයේ බිහි වන සමගි ජන බලවේග රජයක් තුළ කැපකිරීම් සිදු කරන්නේ ජනතාව නොව ආණ්ඩුව බව යි.

(23) හඟුරන්කෙත පැවැති රැස්වීමකට සහභාගී වූ අවස්ථාවේ විපක්ෂ නායකතුමා මේ බව කියා සිටියේ ය. සමගි ජන බලවේග රජයක් යටතේ රජසැප බලාපොරොත්තු වන්නේ නම් ඔවුන්ට ආණ්ඩුව හැරයාමට හැකි බවත් රජ සැප විදිය හැක්කේ ජනතාවට පමණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හොඳින් සතුටින් සිටින අපේ රටේ ජනතාව හිඟන තත්ත්වයට පත්ව ඇති බවත් මෙය ඉබේ වූ දෙයක් හෝ ජනතාව විසින්ම සිදු කර ගත් දෙයක් නොවන බවත් එය රාජපක්ෂ පවුල විසින් ඇති කළ ව්‍යසනික තත්ත්වයක් බවත් ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ තමන්ගේ පවුල පමණක් රජ වී පොහොසත් වී ඉහළයට ගොස් සුඛිත මුදිත වී සෙසු පුද්ගලයන් වහලුන් සේ සිටුනු දැකීම බව විපක්ෂ නායකවරයා එහි දී පැවසීය.

දින 365ම රාජපක්ෂ නාමය කියවිය යුතු බවට වන මතයක් ගොඩ නැගූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ බල තන්හාව වැඩි වී කිහිලි කරු දෙකක් උපයෝගී කර ගෙන නැගිටීමට උත්සාහ කරන බවත් පැවසීය. එවැනි බල තන්හාවක් තමන්ට තිබුණේ නම් ජනතා අරගලය සහ ජනතාව පාවා දී බොරු කියා, මිනිසුන් අන්දවා රාජපක්ෂලාට වහල් වී ජනාධිපතිකම් ලබා ගැනීමට හැකියාවක් පැවති බවත් එසේ ජනතාව රවටා තනතුරු තාන්නමාන්නකම් ලබා ගන්නවාට වඩා ජනාධිපතිවරණයකට ඉදිරිපත් වී ජනතා වරමින්ම එවැනි දේ ලබා ගැනීම සතුටක් බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විදුලි බිල, ජල බිල, ආහාර මිල, උද්ධමනය ආදී සෑම දෙයක්ම ඉහළ ගොස් ඇති අවස්ථාවක වැටුප් පමණක් අඩු වී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ රටේ පාසල් දරුවන්ගේ කෑම පෙට්ටි පවා හිස් වී ඇති බව යි. පාසල් දරුවන්ට ආහාර වේලක් ලබා දිය නොහැකි තත්ත්වයට රටේ ආර්ථිකය කඩා වැටී ඇති නමුත් රට විනාශ කළ රාජකුමාරයන් සුරසැප විදින බවත් පැවසීය.

දැනට පවතින බදුවලට අමතරව ඉදිරි අයවැයෙන් තවත් බදු ගැසීමට සූදානම් බවත් සමහර විට අප ගන්නා හුස්මට වුව බදු ගැසිය හැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ ආණ්ඩුව රටේ වටිනා සම්පත් විදෙස් රටවලට කුණුකොල්ලයට විකුණා දැමීමට වත්මන් රජය කටයුතු කරන බවයි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan