මන්ත්‍රී සෞඛ්‍ය රක්ෂණය වැඩිකිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන සෞඛ්‍ය රක්ෂණය රුපියල් ලක්ෂ 10ක් දක්වා වැඩිකිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමුකිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී මේ පිළිබඳ සාකච්ඡා කෙරුණු අවස්ථාවේදී කථානායකවරයා මේ බව දැනුම් දී ඇති බව සඳහන්.

දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලැබෙන සෞඛ්‍ය රක්ෂණය රුපියල් ලක්ෂ 2ක් වන අතර මේ වනවිට සියලුම වෛද්‍ය සේවා, රෝහල් ගාස්තු ඉහළ ගොස් ඇති බැවින් එම මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවට මන්ත්‍රීවරුන් රැසක්ම කථානායකවරයාට දැනුම් දී ඇත. ඒ අනුව රක්ෂණ මුදල වැඩිකිරීමේ යෝජනාව කථානායකවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත යොමුකිරීමට නියමිතව ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සමාජ මාධ්‍ය වෙත මුදාහැරෙන දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ සම්බන්ධයෙන් සැළකිළිමත් වන්න”

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා මුදල් ඉපයීමේ මූල්‍ය ප්‍රතිපත්තිය...

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය !

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : බේස්ලයින් මාර්ගය දීර්ඝ...

පොහොට්ටුවේ පාලක ලේකම් රේණුක පෙරේරා ඇප මත නිදහස්

අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...

2 සහ 6 ශ්‍රේණි සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කරන ලද ජාතික විෂය...