මන්ත්‍රී සෞඛ්‍ය රක්ෂණය වැඩිකිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට

Date:

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන සෞඛ්‍ය රක්ෂණය රුපියල් ලක්ෂ 10ක් දක්වා වැඩිකිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමුකිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී මේ පිළිබඳ සාකච්ඡා කෙරුණු අවස්ථාවේදී කථානායකවරයා මේ බව දැනුම් දී ඇති බව සඳහන්.

දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලැබෙන සෞඛ්‍ය රක්ෂණය රුපියල් ලක්ෂ 2ක් වන අතර මේ වනවිට සියලුම වෛද්‍ය සේවා, රෝහල් ගාස්තු ඉහළ ගොස් ඇති බැවින් එම මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවට මන්ත්‍රීවරුන් රැසක්ම කථානායකවරයාට දැනුම් දී ඇත. ඒ අනුව රක්ෂණ මුදල වැඩිකිරීමේ යෝජනාව කථානායකවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත යොමුකිරීමට නියමිතව ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...