පාසල් සිසුවෙකුට වෙඩි තැබූ පොලිස් SI රිමාන්ඩ් !

Date:

මාතර, තිහගොඩ ප්‍රදේශයේදී 14 හැවිරිදි පාසල් සිසුවෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා නොවැම්බර් 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, අද (29) දිනයේදී ඔහුව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

පාසල් සිසුන් පිරිසක් ගමන්ගත් ත්‍රීරෝද රථයක් හඹාගෙන ගොස් නවතා පරීක්ෂා කිරීමට යාමේදී ඉහත කී උප පොලිස් පරීක්ෂකවරයාගේ පිස්තෝලය ක්‍රියාත්මක වී අදාළ සිසුවාට වෙඩි වැදී ඇති බවයි පොලිසිය පවසන්නේ.

හිසට වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා ඇති එම 14 හැවිරිදි සිසුවා මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන-ඇමරිකානු න්‍යෂ්ටික සාකච්ඡා සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ඇති වූ...

ඉතිහාසයේ පළමු වරට 2025 දී ජංගම ගිණුමේ ඉහළම අතිරික්තය වාර්තා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා­වට නිද­හස ලැබී­මෙන් පසු වාර්තා...

ඒෂාන් මාලිංග තුන්වන තරගයට නැතත් ලෝක කුසලානයට සූදානම් ?

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: එංගලන්තය සමඟ පැවති දෙවන...

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...