බ්‍රසීලය වමට බර වේ : නව ජනාධිපති ලෙස ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා තේරී පත් වේ !

Date:

වත්මන් ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ සහ හිටපු නායක ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා අතර ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ පැවැති දෙවන ඡන්ද විමසීමේදී මිලියන 215ක ජනගහනයක ප්‍රකාශිත නිල ඡන්ද 90%ක් අතරින් 50.9% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් නව ජනාධිපති ලෙස තේරී පත් වන්නට කම්කරු පක්ෂයෙන් තරඟ කළ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා සමත්ව ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපති බොල්සොනාරෝට ලබාගත හැකිව ඇත්තේ 49.7%ක් බව මැතිවරණ කොමිසම එහි වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

67 හැවිරිදි බොල්සොනාරෝ රියෝ ද ජැනයිරෝ හි හමුදා සංකීර්ණයක දී සිය ඡන්දය භාවිතා කළ අතර වාර්තාකරුවන් ඇමතූ ඔහු ප්‍රකාශ කර තිබුණේ බ්‍රසීලයේ යහපත වෙනුවෙන් මම අපේ ජයග්‍රහණය බලාපොරොත්තු වන බවත් දෙවියන්ගේ කැමැත්ත ඇත්නම් අද බ්‍රසීලය ජයග්‍රහණය කරනු ඇති බවත්ය.

77 හැවිරිදි ලූලා වෘත්තීය සමිති නායකයෙකු ලෙස සිය ආරම්භය සනිටුහන් කළ අග්නිදිග නගරය වන Sao Bernardo do Campo හි ඡන්දය ප්‍රකාශ කළ අතර ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයක් තමා අපේක්ෂා කරන බව ප්‍රකාශ කරමින් බිඳුණු ජාතියතුළ සාමය යථා තත්වයට පත් කිරීමත්, කුසගින්න තුරන් කිරීමටත් , ජාතිවාදය මැඩලමින් , සුදු, කළු සහ ආදිවාසීන්ට සමාන අයිතිවාසිකම් සහ එකම අවස්ථා සඳහා ප්‍රවේශය සහතික කිරීමට තමා අපේක්ෂා කරන බව මාධ්‍ය වෙත වාර්තා කර තිබිණි.

ලූලාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහුගේ පාර්සරික ප්‍රතිපත්තිය බලපෑ අතර බොල්සනාරෝ ආර්ථික අවශ්‍යතා වෙනුවෙන් ඇමසන් විවෘත කර යුතු බවට ප්‍රකාශ කරන විට ලූලා වැසි වනාන්තරයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්නට විය. සිය මැතිවරණ පොරොන්දු අතර ඇමසන්හි වන විනාශය බින්දුවට අඩු කරන බවට ඔහු ප්‍රතිඥා දෙනු ලැබීය. මේත් සමඟ පරිසර හිතකාමීන්, දේශගුණ ක්‍රියාකාරී ඔහු හා පෙළ ගැසිණි. බ්‍රසීලයට මෙන්ම ලෝකයට ජීවමානව හා හුස්ම ගැනීමට ඇමසන් වනාන්තරයක් අවශ්‍යයි. එය රැක ගැනීමට ලූලාට හැකි වේවා යැයි පතමු !

ලූලාට ජය !

සශිකලා මධුෂාණී_ OBT

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...