ගෑස් හිඟයක් නෑ. සාමාන්‍ය පරිදි තොග නිකුත් කරනවා – ලිට්‍රෝ සභාපති

Date:

ගෑස් හිඟයක් පිළිබඳ ඇතැම් මාධ්‍ය පළ කර තිබුණු වාර්තා අසත්‍යය බවත් ලිට්‍රෝ ගෑස් සමාගම සාමාන්‍ය පරිදි වෙළඳපොලට තොග නිකුත් කරමින් සිටින බවත් එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

“ලිට්‍රෝ ගෑස් සමාගම විදියට අපි සාමාන්‍ය පරිදි තොග නිකුත් කරනවා වෙළඳපොලට. ඇති තරම් තොග තියෙනවා ලිට්‍රෝ ගෑස් සමාගම සතුව. ඒ නිසා ගෑස් හිඟයක් ගැන අපි උපකල්පනය කරලාවත් නෑ. අපි වගකීමෙන් කියනවා ඇති තරම් ගෑස් තොග තියෙනවා, ප්‍රමාණාත්මකව ඇති තරම් තොග නිකුත් කරනවා. ගෑස් හිඟයක් අපි දැනුවත්ව නම් නෑ. සමහර වෙලාවට කවුරුහරි නිර්මාණය කරපු හිඟයක් තියෙනවාද දන්නෙ නෑ. ඒ කියන්නෙ සමහර අලෙවි නියෝජිතයින් වෙත ගියාම එතැන ගෑස් නැතිනම් ඒක හිඟයක් විදියට අර්ථ දක්වනවාද දන්නෙ නෑ. අපි නොනවත්වාම ගෑස් නිකුත් කරගෙන යනවා. ඒ නිසා මවාපාපු හිඟයක් ගැන කියනවාද දන්නෙ නෑ. එහෙම නැත්නම් ගෑස් හිඟයක් කියන එක අපට පිළිගන්න බැරි කාරණයක්”

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා මේ බව පැවසුවේ ගෑස් හිඟයක් පිළිබඳව ඇතැම් මාධ්‍ය පළ කර තිබුණු පුවත් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...

සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : පසුගියදා සැකපිට...