‘පසුගිය වසර අට යනු මෙතෙක් වාර්තා වූ උණුසුම්ම වසර අටයි’ – UN

Date:

එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ (WMO)වාර්තාවකට අනුව පසුගිය වසර අට මෙතෙක් වාර්තා වූ උණුසුම්ම වසර අට ලෙස හඳුනාගෙන තිබේ.


මෙම වාර්තාවට අනුව wmo පුරෝකතනය කරන්නේ ඉදිරියේ එළඹෙන සෑම වසරක්ම වාර්තාගත ලෙස උණුසුම් වනු ඇති බවයි.


කාබන්ඩයොක්සයිඩ්, මීතේන් සහ නයිට්‍රස් ඔක්සයිඩ් වායු විමෝචනය අඛණ්ඩව සිදුවන බැවින් වායුගෝලයේ වාර්තාගත මට්ටමක පවතී. ප්‍රබල හරිතාගාර වායුවක් වන මීතේන් හි වාර්ෂික වැඩිවීම වාර්තාගත ඉහළම අගය විය.

මීට වසර 30 කට පෙර මුහුදු මට්ටම දැන් දෙගුණයක් වේගයෙන් ඉහළ ඇති අතර සාගර වෙන කවරදාටත් වඩා උණුසුම්ව ඇත. පසුගිය දින කිහිපය පුරා ඇල්ප්ස් කඳුකරයේ ග්ලැසියර දියවීම වාර්තාගත ලෙස ඉහළ යනු ලැබීය. එය මුහුදු මට්ටම ඉහළ යාම මිලියන ගණනක වෙරළබඩ වැසියන්ට සහ පහත් ප්‍රාන්තවලට දිගුකාලීන හා ප්‍රධාන තර්ජනයක් බවට පත්ව ඇත.


WMO මහලේකම් මහාචාර්ය පෙටේරි ටාලස් මේ පිළිබඳව සඳහන් කර තිබුණේ උණුසුම වැඩි වන තරමට බලපෑම් නරක අතට හැරෙන බවයි.


ඉහළ යන ගෝලීය උණුසුම ලොව පුරා ආන්තික කාලගුණය වඩාත් දරුණු වෙනස්කම් වලට ලක් කරයි. එනම් wmo වාර්තාවේ සඳහන් කරන නැගෙනහිර අප්‍රිකාවේ නියඟය හේතුවෙන් මේ වන විට මිලියන 19 ක් පමණ ජනතාව දැන් ආහාර අර්බුදයෙන් පීඩා විඳිති. එයට හේතු වූයේ අඛණ්ඩව සෘතු හතරක් සඳහා සාමාන්‍ය අගයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබීමයි.


පසුගිය දා පාකිස්තානයට බලපෑ විනාශකාරී ගංවතුර, අවම වශයෙන් 1,700 මරණ සහ මිලියන 7.9 ක ජනතාවක් අවතැන් කිරීමට සමත් විය. දකුණු අප්‍රිකාවට පහර දුන් සුළි කුණාටු මාලාවක් ඇති වූ අතර උතුරු අර්ධගෝලයේ ඇති වූ සුවිශේෂී තාප තරංග හේතුවෙන් චීනය වාර්තාගත ලෙස එහි දීර්ඝතම තාප තරංගය අතුවිඳිනු ලැබීය. එක්සත් රාජධානිය පළමු වරට 40C පසු කළ අතර Rhine, Loire සහ Danube ඇතුළු යුරෝපීය ගංගා බොහෝමයක් නටඹුන් බවට පත් විය. කැලිෆෝනියාවේ නිරන්තරව ඇතිවූ ලැව්ගිණි හේතුවෙන් සුවිශාල වන විනාශයක් සිදු වූවා පමණක් නොව ජීවිත මෙන්ම දේපළ හානිද විශාල වශයෙන් සිදු විය. ඉයන් සුළි කුණාටුව කියුබාවේ සහ ෆ්ලොරිඩාවට විශාල හානියක් සහ ජීවිත හානි සිදු කරනු ලැබීය. ඒ අනුව සොබාදහම සමඟ ගනුදෙනු කිරීම පහසු නැත.


මෙම වාර්තාව පිළිබඳ අවධානය යොමු කළ බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණයේ මහාචාර්ය මයික් මෙරඩිත් පැවසා තිබුණේ දේශගුණ පද්ධතියේ විවිධ කොටස් බිඳ වැටීම පෘථිවිය විනාශ වීමට හේතුවන බවයි. එමඟින් සමාජය සහ ආර්ථිකය කෙරෙහි ඇති කරන බලපෑම විශාල බැවින් මෙවර Cop27 හි ගෝලීය නායකයින් මෙය සාකච්ඡා කළ යුතු අතර ඒ වෙනුවෙන් විසඳුම් සෙවීමට ඔවුන් කටයුතු නොකරන්නේ නම් ඉදිරියේ සිදුවන්නට නියමිත දේ පිළිබඳ කල්පනා කිරීම පවා භයානක බවයි.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...