5 වසර සිසුන් තිදෙනෙකුට පොලීසිය අමානුෂික ලෙස වධහිංසා කරලා !

Date:

හොරණ – මිල්ලනිය ප්‍රදේශයේ පාසැලක 5 ශ්‍රේණියේ සිසුන් තිදෙනෙකුට පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පහරදී විදුලිසැර වද්දා අමානුෂික වධහිංසාවලට ලක්කිරීමේ සිදුවීමක් පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පසුගිය දෙවැනිදා මෙම සිදුවීම සිදුව ඇති බව සඳහන්.

එදින ගුරුවරියකගේ මුදල් පසුම්බියක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ගුරුවරිය සහ විදුහල්පතිනිය 5 ශ්‍රේණියේ සිසුන් පිරිසක් පුස්තකාල කාමරයේ රඳවා තබාගෙන දණගස්වා පහරදී ඇති අතර පසුව මිල්ලනිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ද පාසැලට කැඳවා තිබේ.

එහිදී පොලිස් නිලධාරීන් ද එම සිසුන්ට පහරදී විදුලිසැර වද්දා වධහිංසාවට ලක්කර පොලිස් ජීප් රථයකට දමාගෙන එහිදී ද පහරදී ඇති බවයි පහරකෑමට ලක්වූ සිසුන් පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මේ වනවිට පොලිස් ජීප් රථයක් සිය භාරයට ගෙන ඇති අතර මෙතෙක් අනාවරණය වූ කරුණු අධිකරණයට වාර්තා කිරීමට ද නියමිත බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...