ආණ්ඩුවට එකතු වෙනවාද ? – මාධ්‍ය වාර්තාවලට මුජිබර්ගෙන් පිළිතුරු (VIDEO)

Date:

මාධ්‍යවල ඇතැමුන් කුමන පුවත් පළ කළ ද තමන් හෝ සමගි ජන බලවේගයේ වෙනත් කිසිවකු හෝ ආණ්ඩුවට එකතුවීමක් සිදු නොවන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

“මෙහෙමයි වැඩේ … දැන් ඕක රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වෙච්ච දවසේ ඉඳන් ඕක කියනවානෙ. 10ක් යන්න ඉන්නවා … 15ක් යන්න ඉන්නවා … කියන කතාව දිගින් දිගට යනවා. ඉතින් සමහර අයට එහෙම ආසාවල් තියෙනවා ඔය වගේ මාධ්‍යවල දාලා සමගි ජන බලවේගය මේ රටේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂය හැටියටත් ඉදිරි ආණ්ඩු බලය ලබාගන්න ඉන්න පක්ෂය හැටියටත් අපිව බේදභින්න කරලා අපට ජනතාව අතර තියෙන ප්‍රසාදය අඩුකරන්න පුළුවන් වෙයිද කියලා ඔය වගේ නොයෙකුත් උප්පරවැට්ටි පාවිච්චි කරනවා. ඉතින් මට නම් කියන්න තියෙන්නෙ මම දන්න විදියට නම් එහෙම කවුරුත් යන්නෙ නෑ. අනිත් එක තමයි රාජිත සේනාරත්න මැතිතුමා ඊයෙ සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙ නායකත්වය යටතේ බලමණ්ඩල රැස්වීම් දෙකක් තිබුණා අනුරාධපුර දිස්ත්‍රික්කයේ, ඒ දෙකට මමත් සහභාගී වුණා. මම දැක්කා රාජිත සේනාරත්න මැතිතුමාත් ඒකට සහභාගී වෙලා පක්ෂය වෙනුවෙන් කථාවකුත් කළා. ඉතින් ඒකයි දැන් තියෙන වර්තමාන තත්වය. ඔය මාධ්‍යවල වාර්තා වෙන ඒවා ගැන නම් මම නම් දන්නෙ නෑ”

මුජිබර් රහුමාන් මහතා මේ බව පැවසුවේ ඊයේ (06) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති රනිල් රිමාන්ඩ් !!

අත්අඩංගුවට ගන්නා ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත...

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කළ පැමිණිල්ලට ඇරැඹි විමර්ශනයේ සවිස්තරාත්මක පැතිකඩ!

කොළඹ (LNW): රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න...

සුදාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලා CIDයට පැමිණිල්ලක්

රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දිනයේදී අත්අඩංගුවට ගෙන දින...

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...