ආණ්ඩුවට එකතු වෙනවාද ? – චම්පිකගෙන් අමුතු පිළිතුරක්

Date:

රටේ ප්‍රශ්නවලට විසඳුම් ඉදිරිපත් කරද්දී එය ආණ්ඩුවට එකතුවීමක් වශයෙන් හුවාදැක්වීම අවරගණයේ ක්‍රියාවක් බව 43 වැනි සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ප්‍රශ්නය: ඔබත් ආණ්ඩුවට මාරු වෙනවද?

“අවරගණයේ කතානේ. රටට විසඳුම් ඉදිරිපත් කරන කොට ඉතින් ඔන්න ආණ්ඩුවට යනවා. රනිල්ගේ පැත්ත ගන්නවා ආදී වශයෙන් කියනවා. අපි කවදත් කොන්ද කෙලින් තියාගෙන රටට විසඳුම් ඉදිරිපත් කරලා විසඳුම් ක්‍රියාත්මක කරන්න කැපවූ පිරිස. ඉතින් අපි මේ ජනවාරි මාසේ ඉදිරිපත් කළා. ඒක අහන්නේ නැතුව ගිහිල්ලා තමයි ආණ්ඩුව රට බංකොලොත් කර ගත්තේ. ඉතින් අපි දැනුත් විශ්වාස කරනවා රටට අවශ්‍ය විසඳුම් සහ ඒ සඳහා කටයුතු කිරීම. විරෝධතා කමක් නැහැ. තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. නමුත් රටට ඕන විසඳුම් මිනිස්සුන්ට ඕනේ තමුන්ගේ දැවෙන ප්‍රශ්නවලට. ඖෂධ නැතිකමට, කෑම නැතිකමට. රස්සා නැතිකමට, ආදායම් අහිමිවීම ගැන, තෙල් නැතිවීම ගැන, විදුලිය නැතිවීම ගැන, ආර්ථික කඩාවැටීම, රටෙන් අපේ තරුණ පරම්පරාව පලා යන එක, වෘත්තීයවේදීන් මේ රටේ පලා යන එකට විසඳුම්. ඔය හුගාක් දෙනෙක්ගේ තත්ත්වයන් අපි දන්නවනේ. ඔය විරෝධතා දක්වන අය, රනිල් වික්‍රමසිංහ මහත්තයට කාලයක් තිස්සේ නායකයා කියාගෙන, වැඳගෙන හිටපු අය තමයි අද ගොඩක් දෙනෙක් බනින්නේ. ඒ වගේම හෙට දිනයේ ඒගොල්ලෝ එකතු වෙන්නත් පුළුවන්. අපි ඒ ජාතියේ කට්ටියක් නෙමෙයි. අපි මහින්ද රාජපක්ෂ මහත්තයාවත්, රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්කවත්, වෙන කා එක්කවත් පුද්ගලික වෛරයක් නෑ. අපිට අවශ්‍ය මේ රටට විසඳුම් ඉදිරිපත් කරන්න. ඒ විසඳුම් අපි ඉදිරිපත් කරනවා. ඒ වගේම ඒ විසඳුම් ක්‍රියාත්මක කිරීමට කැපවෙනවා”

ප්‍රශ්නය: මේ මොහොතේ දැන් ඇත්තම කතාව රාවයක් යනවනේ කණ්ඩායමක් එකතුවෙන්න යනවා කියලා. ඔබතුමා මොකක්ද හිතන්නේ? මොකක්ද මේ ඇත්තටම වෙන්නේ? ඒ මොකක් අරභයාද යන්නේ?

“ඒක සිද්ධ වුණාම ඒ ඇත්තන්ගෙන් අහන්න. එහෙම විපක්ෂයේ කට්ටියක් යනවා නම් ඒ කළාට පස්සේ ඒ ඇත්තන්ගෙන් අහලා දැනගන්න ඕන දෙයක්. එක එක්කෙනා ඉතින් ප්‍රශ්න දිහා දකින විදිය වෙනස්. ඉතින් ඒ අනුව ඒගොල්ලෝ හිතනවා ඇති ආණ්ඩුවට එකතුවෙලා තමයි වඩාත්ම හොඳ සේවය කරන්න පුළුවන්. විපක්ෂේ ඉන්නවට වැඩියෙන් කියලා. එහෙම වෙන්න ඇති ඒගොල්ලෝ යනවා ඇත්තෙ. ඉතින් ඒගොල්ලන්ගේ කල්කිරියාවත්, ආණ්ඩුවේ කල්කිරියාවත් ඔවුන් ලබා දෙන මත තීරණය වෙන්නේ”

චම්පික රණවක මහතා මේ බව පැවසුවේ තුර්කි තානාපතිවරිය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...