*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

අද බැරි වුණොත් හෙට පුළුවන්ද

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන අවසාන තරගය සැබෑ දක්ෂයා සොයා ගත හැකි තරගාවලියක් හැටියට නම් කිරීමේ දුෂ්කරතාවය මුල සිටම දුටු තරගාවලියක්.ඒ ඇතැම් කණ්ඩායම්වලට වර්ෂාව නිසා ලැබුණු වාසි මෙන්ම අවාසි ද හේතුවෙන්.කෙසේ හෝ අවසාන තරගයට පිවිස සිටින කණ්ඩායම් දෙකම දුර්වල කණ්ඩායම් නොවේ.එංගලන්තය සතුව මෙන්ම පකිස්තානය සතුවද ලෝකයේ ඉහළ පෙළේ ක්‍රීඩකයින් සිටින අතර කණ්ඩායමක් ලෙස ඔවුන් එක්ව කටයුතු කිරීමේදී ද ඉතා ඉහල මට්ටමේ දක්ෂතා දක්වන කණ්ඩායම්.
නමුත් තරගාවලියේ සූරයා තීරණය කරන මොහොතටත් කණ්ඩායම්වල දක්ෂතා අභිබවා වර්සාව ඉදිරියට පැමිණෙන්න තිබෙන ඉඩ වැඩියි.මේ නිසාම අද නියමිත අවසාන තරගය පැවත්වීමට නොහැකි වුවහොත් හෙට පැවත්වීමට අතිරේක දිනයක් ද වෙන් කර තිබෙනවා.සාමාන්‍යයෙන් මෙහිදි කණ්ඩායමකට හෝ තරගයටම බාධා එල්ල වෙන්නට තිබෙන ඉඩ අද මෙන්ම හෙට ද දැකිය හැකි බව මෙල්බර්න් නුවර කාලගුණ නාර්තාවන් පැහැදිළි කරනවා.එහිදි පෙන්වා දෙන්නේ සියයට සියයක්ම වැසි වැටීමට ඉඩ ඇති බවයි.
එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් මේ වන විට තරගාවලිය සංවිධානය කරන ලද ඔස්ට්‍රේලියාවට තමන් සතුව තිබූ ලෝක කුසලානය අවසාන පූර්ව වටයට හෝ එන්නට නොහැකි වි අහිමි වෙන්නටද වර්ෂාව බලපෑ නිසා මෙන්ම ලෝක කුසලානයේ උද්වේගකර මොහොත වර්ෂාවෙන් සෝදා හැරීම නිසා ද ඕස්ට්‍රේලියාවට විශාල අපකීර්තියක් අත් විඳින්නට වෙනවා.
ඔස්ට්‍රේලියාවට එංගලන්ත තරගයට වර්ෂාව නොමැතිව මුහුණ දෙන්නට සිඳු වුනේනම් ඇතැම් විට එම තරගය ජය ගන්නටත් අවස්ථාව තිබුණා.එසේ වුවානම් අවසාන පූර්ව වටයට පිවිසෙන්නේ ඕස්ට්‍රේලියාවයි.කිසිම තරගයක් සම්බන්ධයෙන් අනාවැකි කිව නොහැකි මට්ටමේ තරගාවලියක් බවට මෙවර තරගාවලියේ ප්‍රතිපල හරහා විස්සයි විස්ස ක්‍රිකට් හී වර්ධනය මෙන්ම අනපේක්ෂිත බව ද ලොවට දැක ගන්නට ලැබුණා.පන්දු ඒවර් විස්ස කියන සාධකය තුළ වරද්දකින් අත් විඳිය හැකි පාඩුවේ තරම තරග පරාජය විය හැකි බවත්,සාර්ථක වන එක ක්‍රීඩකයෙක්ට හෝ තරගයක් කණපිට පෙරැළිය හැකි බවත් මේ තරගාවලියේදී අත්දැකීම් හැටියට ක්‍රිකට් ලෝකයට පැහැදිළි වුණා.
කෙසේ හෝ ලොව පුරා ක්‍රිකට් ලෝලීන් අද අවසාන තරගය වර්ෂාවෙන් සේදී නොයන්නට ප්‍රාර්ථනා කරන බව නිසැකයි.ඒ සිතුවිලි දහරාවන් එකතු වී හෝ අවසාන තරගයක වින්දනය මෙන්ම ඕස්ට්‍රේලියාවේ කීර්තිය හේදී යාම ද නවත්වනු ඇතැයි මේ මොහොතේ සෑම ඕස්ට්‍රේලියානුවෙක්ම සිතන බව නිසැකයි. මෙහි පහතින් දක්වා තිබෙන්නේ අද මෙන්ම හෙටත් වැසි ඇතිවීමේ අවස්ථාවන් සියයට සියයක් බවට මෙල්බර්න් කාලගුණය ගැන පළ වී ඇති වාර්තායි.
මෙහි ප්‍රධාන ඡායාරූපයේ දැක්වෙන්නේ එංගලන්තය වර්ෂාව හමුවේ අයර්ලන්තය ඉදිරියේ ලද අනපේක්ෂිත පරාජය මොහොතේ නායක ජොස් බට්ලර් වසි වැටෙන අහස දෙස නෙත් යොමාගෙන සිටින අයුරුයි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan