තීරණාත්මක අයවැය අද පාර්ලිමේන්තුවට …

Date:

2023 වසර සඳහා වන අයවැය ලේඛනය මුදල් අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

ඒ අනුව අද පස්වරු 01.30 ට ජනාධිපතිවරයාගේ අයවැය කතාව ආරම්භ කෙරෙනු ඇති බව සඳහන්.

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ස්ථාවර හා දිගුකාලීන ආර්ථික වර්ධනයක් ලබාගැනීමේ දිශානතිය මෙම අයවැයෙන් සකස් කෙරෙනු ඇති අතර ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් අඩු ආදායම්ලාභී ජනතාවට සහන සැලසීම ද අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බැවින් මෙම අයවැය රටට අතිශයින්ම තීරණාත්මක වේ.

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය හෙට (15) සිට ආරම්භ කිරීමට නියමිත අතර දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වනදා පැවැත්වෙනු ඇත.

අයවැර කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 වනදා සිට දෙසැම්බර් 08 වනදා දක්වා පැවැත්වීමටත් අයවැය අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 08 වනදා පැවැත්වීමටත් නියමිතව තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි ඉපදිලා තියෙන්නෙ හරි අවුල් තැනක ….

අද වීඩියෝවක් ශෙයා වෙනව දැක්කා, ඒක පිලිපීනෙ මහල් නිවාසයක...

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම මත්පැන් බලපත්‍ර ගාස්තු 100% කින් ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල අද (12) සිට වහාම ක්‍රියාත්මක වන...

හිටපු කථානායක අශෝක රන්වල රිය අනතුරකට ලක්වෙයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල...

ප්‍රදේශ රැසකට වැසි – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 12) දිනයේදී උතුරු සහ...