විදෙස් ගමන් බලපත් ගාස්තු සහ වීසා ගාස්තු වැඩි කෙරේ

Date:

2023 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ආයතන මගින් අයකෙරෙන විවිධ ගාස්තු 20% කින් ඉහළ නැංවීමට යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් පනවන විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු, වීසා ගාස්තු සහ අනෙකුත් ගාස්තුත් ඉහළ නැංවීමටයි ඒ මහතා යෝජනා කර ඇත්තේ.

කෙසේවෙතත් 2020, 2021 සහ 2022 යන වසරවලදී දැනටමත් ඉහළ නංවා ඇති විවිධ ගාස්තු මෙම යෝජනාව මගින් සංශෝධනය නොකෙරෙන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 2023 අයවැය ඊයේ (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...