ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකාව අතුරුදහන්!

Date:

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරට සහභාගි වීම සඳහා දකුණු කොරියාවට පැමිණ සිටින ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකා දුලානි පල්ලෙකොන්දගේ තරගාවලියෙන් පසු අතුරුදන්ව තිබේ.

කණ්ඩායම් කළමණාකරු කොරියානු රග්බි සංගමයේ නිලධාරීන් මාර්ගයෙන් මේ පිළිබඳව පොලිසියට දන්වා ඇති අතර, ඉන්චියොන් හි නැම්ඩොං පොලිසිය විසින් විමර්ශනයක් ද ආරම්භ කර ඇත.

තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් පෙරවරු 11.30 ට පමණ ඉන්චියොන් ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වීමට නියමිතය. කොරියානු පොලිස් නිලධාරියෙකු පැවසුවේ කණ්ඩායම කොරියාවෙන් පිටවීමට පෙර දුලානි සොයා ගැනීමට පොලිසිය උපරිම උත්සාහයක් ගන්නා බවයි.

ශ්‍රී ලංකාව සහ හොංකොං අතර පළමු අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.00 ට පමණ අවසන් වූ අතර, පිරිමි තෙවැනි ස්ථානය සඳහා පැවැත්වෙන තරගය නැරඹීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ක්‍රීඩාංගණයේ අසුන්ගෙන සිටියහ. පිරිමි තරගයෙන් පසු කණ්ඩායම් දෙකම ක්‍රීඩකයින්, විවේකාගාර වෙත ගිය අතර නායකයා මාධ්‍ය සාකච්ඡාවට පෙනී සිටියේය.

පසුව කණ්ඩායමේ පරාජයන් සහ සිදු වූ වැරදි ගැන ඇය කතා කළාය. ත්‍යාග ප්‍රදානෝත්සවයෙන් පසු කාන්තා කණ්ඩායමේ කළමනාකාරිනිය සිංහලෙන් දෙවරක් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කණ්ඩායම දුලානි සොයමින් සිටින බවත් ක්‍රීඩාංගනයෙන් පිටවීමට වහාම කණ්ඩායම් බස් රථයට පැමිණෙන ලෙසත් ඇයට දන්වමිනි.

නමුත් පැයකට පමණ පසු කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් රැගත් බස් රථය ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටල් වෙත ක්‍රීඩාංගනයෙන් පිටත් වී ඇති අතර, කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙකේම කළමනාකරුවන් ක්‍රීඩාංගනයේ රැඳී සිටිමින් පොලිසියට සහ කොරියානු රග්බි නිලධාරීන්ට දුලානි සෙවීමට සහය වී ඇති බව තොරතුරු වාර්තා වේ.

රෂිකා හෙන්නායක
2022.1115

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...