මෙවර අයවැයේ තවත් යෝජනා

Date:

? මෙවර අයවැය තුළින් කුරුදු ආශ්‍රිත නිශ්පාදන අපනයනය තවදුරටත් දිරිගැවීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇත. ඒ කුරුදු කර්මාන්ත සංවර්ධනයට වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවමිනි.

කුරුඳු නිශ්පාදන සඳහා මෙරට අපනයන බෝග අතුරින් ප්‍රමුඛතම ස්ථානයකි. ශ්‍රී ලංකාවේ කුරුඳු නිශ්පාදනය ගෝලීයව සුවිශේෂී අනන්‍යතාවයක් ගොඩනගාගෙන ඇත. අගය එකතු කල කුරුඳු නිශ්පාදන අපනයනය තව දුරටත් දිරිගැවීමටත්, එම කර්මාන්තය සංවර්ධනය කිරීමටත් වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට යෝජනා වී ඇත. කුරුඳු වගාව වැඩි වශයෙන් ව්‍යාප්තව පවතින කරන්දෙණිය ප්‍රදේශයේ එම දෙපාර්තමේන්තුව ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇත. ඊට වෙන් කෙරෙන මුදල රුපියල් මිලියන 200කි.

? පෞද්ගලික අංශයේ රැකියා වල නියුතු වී විවිධ හේතූන් මත රැකියා අහිමි වූ පුද්ගලයන් නැවත රැකියාවකට යොමු වන කාලය හා උපරිම වශයෙන් මාස තුනකට සීමා වන පරිදි මාසික දීමනාවක් ලබාදීමට හැකිවන අයුරින් රක්ෂනාවරණයක් හා ඒ වෙනුවෙන් රක්ෂණ අරමුදලක් ස්ථාපනය කිරීමටද මෙවර අයවැයෙන් යෝජනා කර ඇත.

? එමෙන්ම රාජ්‍ය සේවකයන් සඳහා ලබාදෙන අග්‍රහාර සෞඛ්‍යය රක්ණයට සමාන සෞඛ්‍යය රක්ෂණ ක්‍රමවේදයක් ද පෞද්ගලික අංශයේ සේවකයන් ට ද ලබාදීමට යෝජනා කර ඇත. ඒ අනුව පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා විශාල දායකත්වයක් ලබාදෙන සේවක භාර කාර අරමුදල යෝජිත සහ නව සෞඛ්‍යය රක්ෂණ ක්‍රමවේදයන්ද ඇතුලත් කරමින් සංශෝධනය වන පරිදි සිදු කිරීමට ද යෝජනා වී ඇත.

රෂිකා හෙන්නායක
2022..11.15

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...