දුම්රිය ධාවනය කඩාකප්පල් කරන කාලකන්නින් ත්‍රස්තවාදීන් සේ සලකා අත්අඩංගුවට ගන්නවා – දිළුම්

Date:

මින් ඉදිරියට දුම්රිය ධාවනය කඩාකප්පල් කිරීමට කටයුතු කරන දුම්රිය සේවකයින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

“දුම්රිය ධාවනයට අදාළව මොන වර්ජනය තිබුණත් දුම්රිය ධාවනය නතර කරන්න බෑ. වැඩ වර්ජනය කරනවායි කියන්නෙ එළියට බැහැලා ඉන්න පුළුවන්. රියදුරන් වර්ජනය කෙරුවොත් වැඩ කරන්න බෑ, ඒක වෙනම කතාව. හැබැයි ඒ හැරුණුකොට වෙන කවුරුහරි දුම්රිය ධාවනය කඩාකප්පල් කරනවා නම් ඒ සියලු දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගන්න මේ වෙනකොටත් මම උපදෙස් දීලා තියෙනවා”

ප්‍රශ්නය – දැන් දුම්රිය සිග්නල් දෙන්නේ ස්ථානාධිපතිවරුන් නේ. ඔවුන් වර්ජනය කරද්දී සිග්නල් නැතුව දුම්රියක් ධාවනය කරන්න බැහැනෙ. එහෙම තත්වයකදී මොන විදියටද කටයුතු කරන්නෙ ?

“මොන අරාජික තත්වයක් ඇතිවුණත් ඒ දුම්රිය ධාවනය කරන අය ඒ සිග්නල් දෙන අය … – මේකෙ එකම දේ මේක රෝයල් රේල් වේ එකනෙ ඉස්සර. රැජිනි හදපු රේල්ලුව. රැජිනි හැදුවාට දැන් ඒ ප්‍රමිතියේ මිනිස්සු රේල්ලුවෙ නෑ. දැන් මේ දෙකයි පනහෙ වර්ජනය කරන, ලක්ෂ එකහමාරක් දෙකක් පඩි ගන්න ගමන් ගෙදර යන මගියාව ගෙදර යන ගමන් කැලේ මැද අතරමං කරන වර්ගයේ කාලකන්නි දුම්රිය සේවකයො පිරිසක් ඉන්නෙ. මේක අනිවාර්යයෙන්ම මාධ්‍යයට ප්‍රකාශ කරන්න, මේක බය නැතුව අපි කියන්න ඕනෙ. ජනතාව ඉන්නෙත් ඒ මතයේ. ඒ නිසා ආණ්ඩුව හැටියට අපි ඉවසුවා ඇති”

ප්‍රශ්නය – ඉවසුවා ඇති කියන්නෙ වර්ජන සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගන්න යනවා කියන එකද ?

“රාජ්‍ය ඇමතිවරයා හැටියට මම තීන්දුවක් අරන් තියෙනවා ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරලා, මේකෙ කවුරු වර්ජනය කෙරුවත් අවසාන ප්‍රතිඵලය දක්වා අපි මේකෙ යනවා. ආණ්ඩුව පත්කරලා තියෙන්නෙ මහජනතාව. ආණ්ඩුවේ වගකීම මහජනතාවට සුබසාධනය සලසන එක. ආණ්ඩුවෙන් පඩි අරගෙන ත්‍රස්තවාදී ක්‍රියා කරන්න බෑ. LTTE එකත් කෝච්චියට බෝම්බ තිබ්බා, ට්‍රාන්ස්ෆෝමර් ගිනිතිබ්බා. දැන් මේ අයත් මේක නතර කරනවා, විදුලිය කපනවා. මේවා ත්‍රස්තවාදී ක්‍රියා. එනිසා ඕනෙ තරම් ප්‍රතිපාදන තියෙනවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගන්න. කලබලයක් කරන්න හොඳ නැති නිසා මෙච්චරකල් නොකර හිටියා මිසක් අද දිනයේ සිට අපි එහෙම කරනවා, කවුරු මොනවා කිව්වත් අපට ඒ පිළිබඳ ගැටළුවක් ඇත්තෙ නෑ”

දිළුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ නෙත් එෆ් . එම්. ගුවන්විදුලි නාලිකාවේ ප්‍රවෘත්ති විශේෂාංග වැඩසටහනක් හා සම්බන්ධ වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපට චීනයට විකිණිය හැක්කේ මොනවාද ?

පසුගිය 2024 වසර තුළ ලංකාව චීනයෙන් ඩොලර් මිලියන 4,365.7ක...

ලොහාන්ගේ අවසන් කටයුතු ඉරිදා මහනුවරදී

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු අගෝස්තු...

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...