මහින්දගේ උපන්දින සැමරුමටත් හොඳටම එකතු කරලා …

Date:

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 77 වැනි උපන්දිනය ඊයේ (18) දිනට යෙදී තිබුණු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ වෙනුවෙන් කිරි අම්මාවරුන්ගේ දානමය පිංකමක්, ජය පිරිත් දේශනයක් ඇතුළු වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබිණි.

මේ වැඩසටහන් සඳහා පොහොට්ටුව නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන්ගෙන් රුපියල් ලක්ෂ දෙක බැගින් ද දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන්ගෙන් රුපියල් ලක්ෂය බැගින් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සහ සංස්ථා සභාපතිවරුන්ගෙන් රුපියල් 50,000 බැගින් ද එකතුකර ඇති බව ආරංචිමාර්ග පැවසීය.

පිංකම් සඳහා අවශ්‍ය පිරිකර ආදිය සැපයීම පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මට්ටමේ මහජන නියෝජිතයින්ට පවරා දී තිබුණු බවත් වාර්තා විය.

මෙම සමරු වැඩසටහන් සම්බන්ධයෙන් පසුගිය සතියේදී පොහොට්ටුවේ ඉහළ මට්ටමේ නියෝජිතයින් 60 දෙනෙකු කැඳවමින් රැස්වීමක් පවත්වා තිබුණු නමුත් ඊට සහභාගී වී ඇත්තේ 30 දෙනෙකු පමණක් බවත් සඳහන්. එසේ වෙතත් ඊට නොපැමිණි සියලු දෙනා ද මුදල් එවා තිබුණු බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

ඊයේ දිනයේ පැවති උපන්දින සමරු වැඩසටහන් සඳහා ද ආරාධනා ලද සියලුම දෙනාගෙන් කොටසක් පමණක් සහභාගී වී ඇති අතර ඊට නොපැමිණි අයත් තමන්ට ලැබුණු ගිණුම් අංකයකට මුදල් බැරකර ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

මෙම සමරු වැඩසටහන් සංවිධානය කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම්වරයකු සහ ප්‍රබල හිටපු අමාත්‍යවරයකු ඇතුළු පිරිසක් විසින් බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Emine Erdogan ගෙන්  Melania Trumpට ලිපියක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ සහ රුසියාවේ...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගැනත් විමර්ශන ඇරඹේ!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින...

රනිල්ව අත්අඩංගුවට ගැනීම ගැන චන්ද්‍රිකාත් විරෝධය පළකරයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්...