පළමු මොහොතේම ගෙදරට පැන පහරදීමක්

ගල්ෆ් රටකට ලැබුණ පළමු පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයට සහභාගි වූ කටාරය ඉක්වදෝරය විසින් ගෝල 2-0 ක් ලෙස පරාජය වුණා.

සත්කාරක කටාරය තමන් දන්නා හඳුනන විශාල පිරිසකගේ ආශිර්වාදය සහිත උද්යෝගී කිරීම්වලින් ලැබුවේ පීඩනයක් විය හැකියි.ඒ ප්‍රතිවිරුද්ධ ආශිර්වාද කිරීම් සඳහා ශක්තිමත්ව මුහුණ දුන් ඉක්වදෝරය තරගයේ වැඩි වෙලාවක් පන්දුව සිය දෙපා පාලනයට නතු කර ගත්තා.

තරගයේ 16 වන විනාඩියේදී ඉතාලි ජාතික විනිසුරු ඩැනියල් ඔරාස්ටෝ දැල සීමාවේම වූ අනීතික බාධා කිරීමකට දුන් දඩුවම් පහර වැලෙන්සියා විසින් දැල රකින ෂාද් පසුකර දැල මත පතිත වුණා.යළිත් ඔහුම 31 වන විනාඩියේදී ද හිසින් පහර එල්ල කර අලංකාර ගෝලයක් ලබාගෙන ඉක්වදෝරය 2-0 දක්වා රැඟෙන ගියා.තරග අවසානය දක්වාම ලකුණු තත්ත්වය එසේ වූ අතර අල් බයිට් ක්‍රීඩාංගණයට පැමිණ සිටි සහ පිටත තරග නැරඹූ සියලු කටාර් වැසියන් අපේක්ෂා භංගත්වය පමණක් ඉතුරු කරගත්තා.

ඡායාරූපයේ දැක්වෙන්නේ වැලෙන්සියා හිසෙන් පහර එල්ල කරමින් දර්ශණීය දෙවන ගෝලය ලබා ගත් අවස්ථාවයි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...