මුදලට විකිණුන විරෝධතා

Date:

කාබනික වගාවට එරෙහි දේශපාලන කුමන්ත්‍රණයක් ඇතැයි මතයක් සමාජය තුළ පැතිර තිබුණ ද එය ප්‍රබල සංවාදයක් ලෙස ගොඩනැඟුණේ නැත. රසායනික පොහොර සමාගම් ද කුමන්ත්‍රණයේ හවුල්කරුවන් වන්නට ඇත. ඒ අනුව විරෝධයේ හඬ උත්සන්න විය. තව අතකින් කාබනික වගා ව්‍යාපෘතියේ දුර්වලතා පැවතිණි. රජයේ ඇතැම් නිලධාරින් ද කාබනික වගාවට එරෙහිව ක්‍රියා කර ඇත. සමස්ත ප්‍රතිඵලය වූයේ කාබනික පොහොර විරෝධතාව සියල්ලට ඉහළින් නැඟී සිටීමය. ගොවියෝ ද ක්ෂණිකව අතට මුදලක් ලැබෙන දේවලට වහා එක්වෙති. එහෙත් මේ බොරුව දිගටම කරගෙන යෑමේ හැකියාවක් නැත.

දැන් සියල්ල හෙළිදරවු වීමට පටන්ගෙන තිබේ.කාබනික වගාව පරාජය කිරීම සඳහා විරෝධතා දක්වන අයට මුදල් ගෙවන්න සමහරුන් ඉදිරිපත් වූ බව ද ඒ සඳහා කැමරාව ඉදිරියේ යම් රංගනයක යෙදෙන කෙනකුට රුපියල් ලක්ෂ තුනක මුදලක් ගෙවීමට ඇතැමුන් ඉදිරිපත් වූ බව ද ගොවි සංවිධානවල නි‍යෝජිතයෝ පෙන්වා දෙති. මෙය ඉතා වටිනා හෙළිදරවුවක් වන්නා සේම කාගේත් විමසුමට ලක් විය යුතු කාරණයක් ද වන්නේය. මේ මතය පළ කරන්නේ දේශපාලකයන් නොව, හොඳ ගොවියන් බැවින් එහි බරපතළකම තවදුරටත් වැඩි වෙයි. කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවකට පැමිණ සිටි ජාතික ගොවි සම්මේලනයේ නියෝජිතයෝ ඉහත අදහස් පළ කර සිටියහ.ජනාධිපතිවරයා කාබනික පොහොර ප්‍රතිපත්තිය හඳුන්වා දෙන්නේ රටේ අනාගත යහපත සලකාගෙනය.

මුළුමහත් ලෝකයම මේ වන විට කාබනික ‍වගාව කෙරෙහි උනන්දුවක් දක්වයි. ඊට ප්‍රධාන හේතුව අනාගත මානව සමාජයේ සෞඛ්‍ය සුරක්ෂිතතාවයි. ශ්‍රී ලංකාවේ කාබනික වගාවට සහාය දැක්වීම සඳහා රටවල් ගණනාවක් ඉදිරිපත් වී ඇත. ජගත් පාරිසරික සංවිධාන සේම එක්සත් ජාතීන්ගේ සංවිධානය ද අපේ කාබනික වගාව අගය කර තිබේ.අපේ ගොවි විරෝධතා නිසා සැලකිය යුතු පාඩුවක් රටට සිදු වී ඇත. ප්‍රකාශයට පත් වී ඇති ආකාරයට මහ කන්නයේ වී අස්වැන්නෙන් 30%ක පමණ ප්‍රමාණයක් අඩු විය හැකිය. එළවළු හා පලතුරු අස්වැන්න ද යම් ප්‍රමාණයකින් අඩු විය හැකිය. කාබනික වගාව නිසි අයුරින් සිදු වූයේ නම්, ඉහත පාඩුව සිදු වන්නේ නැත. ගොවියන්ට ද වඩා මේ පාඩුවට වගකිවයුතු වන්නේ විරෝධතා සංවිධාන කළ කුමන්ත්‍රණකරුවන්ය. කුමන්ත්‍රණය පසුපස සංකීර්ණ ජාලයක් ඇති බව පැහැදිලිය. දේශපාලන ක්‍රියාධරයන්, ව්‍යාපාරිකයන්, පොහොර සමාගම්, ජනමාධ්‍ය මේ අතර ප්‍රධානය. මේ සමූහයේ වෑයම වූයේ රටේ කෘෂිකර්මය අවසානයි යන්න හඟවා ජනතාව පාරට බැස්සවීමය. එහෙත් එය එසේ සිදු වූයේ නැත. දැන් මේ චක්‍රය අනෙක් පැත්තට කැරකෙන්නට පටන්ගෙන තිබේ.

#ඇත්ත Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...