බඩඉරිඟු වගාවට බීජ

Date:

ජැයිකා ආයතනය හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල විසින් බඩ ඉරිඟු බීජ මෙට්‍රික් ටොන් 144 ක් අද (22) දිනයේ කෘෂිකර්ම අමාත්‍යාංශයට භාරදීම සිදු කෙරේ.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ජයන්තා ඉලංගකෝන් මහත්මිය සඳහන් කළේ, මෙවර මහ කන්නයේ බඩ ඉරිඟු වගාව ඉහළ නැංවීමේ අරමුණෙන්, අධාරයක් ලෙස එය ලබාදෙන බවයි.

තුංමුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ තනාපති කාර්යාලයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, එක්සත් ජාතීන්ගේ මෙරට නියෝජිත හැනා සිංගර් මහත්මිය, තායිලන්තයේ මෙරට තනාපතිවරයාගේ සහභාගිත්වයෙන් බඩ ඉරිඟු තොග මෙරටට භාරදීමේ කටයුතු සිදු කෙරෙනු ඇත.

අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළේ, මොණරාගල හා අම්පාර මහවැලි ප්‍රදේශවල ගොවීන්ට මෙම බඩ ඉරිඟු බෙදා හැරීම සිදු කරන බවයි.

ගොවීන් 2900 දෙනෙකු ඒ සඳහා තෝරාගෙන ඇත.

කෙසේ වෙතත් මෙම බඩ ඉරිඟු වගාව පසුගිය කාලයේ ඉතා අඩු ඵලදාවක් පෙන්වූ බෝගයක් බවට පත්ව තිබුණේ බීජ වල තිබූ හිඟයක් හේතුවෙනි . එයින් වක්‍රව තවත් ව්‍යාපාර කීපයකට බලපෑවේය . සත්ව ආහාර නිශ්පාදනයට ප්‍රබලව බලපෑවේය . එමඟින් එම නිශ්පාදනයන්හි මිලද අධික ලෙස ඉහළ ගියේය.

නමුත් නැවතත් මෙම බඩඉරිඟු වගාවන් මෙසේ ව්‍යාප්ත කිරීමෙන් ඒ ආශ්‍රිත කර්මාන්ත සඳහාද සෙතක් සැලසෙනු ඇත.

රෂිකා හෙන්නායක
2022.11.22

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...