රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට. ඥාතීන් බස් රියට ගිනි තියයි (VIDEO)

0
389

රිය අනතුරකින් පුද්ගලයෙකු මියයාමෙන් අනතුරුව මියගිය පුද්ගලයාගේ ඥාතීන් එකතු වී බස් රථයකට ගිනි තැබීමේ සිද්ධියක් අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.

අවිස්සාවේල්ල – මාලියන්ගම මාර්ගයේ රිටිගහවෙල ප්‍රදේශයේදී බස් රථයක හැපීමෙන්, පාපැදියකින් ගමන්ගත් 65 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (15) පස්වරුවේ මියගොස් තිබිණි.

කර්මාන්ත ශාලාවක සේවකයින් ප්‍රවාහනය කරන එම බස් රථයේ රියදුරු අනතුර සිදුවීමෙන් පසු පැනගොස් තිබුණු අතර අවිස්සාවේල්ල පොලිසියේ නිලධාරීන් පැමිණ බස් රථය සිය භාරයට ගන්නා අවස්ථාවේදී කෝපයට පත්ව සිටි මියගිය පුද්ගලයාගේ ඥාතීන් බස් රථයට ගිනි තබා තිබේ.

එයින් එම අවස්ථාවේ බස් රථයේ සිටි පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා ඇති බව සඳහන්.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here