රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට. ඥාතීන් බස් රියට ගිනි තියයි (VIDEO)

Date:

රිය අනතුරකින් පුද්ගලයෙකු මියයාමෙන් අනතුරුව මියගිය පුද්ගලයාගේ ඥාතීන් එකතු වී බස් රථයකට ගිනි තැබීමේ සිද්ධියක් අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.

අවිස්සාවේල්ල – මාලියන්ගම මාර්ගයේ රිටිගහවෙල ප්‍රදේශයේදී බස් රථයක හැපීමෙන්, පාපැදියකින් ගමන්ගත් 65 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (15) පස්වරුවේ මියගොස් තිබිණි.

කර්මාන්ත ශාලාවක සේවකයින් ප්‍රවාහනය කරන එම බස් රථයේ රියදුරු අනතුර සිදුවීමෙන් පසු පැනගොස් තිබුණු අතර අවිස්සාවේල්ල පොලිසියේ නිලධාරීන් පැමිණ බස් රථය සිය භාරයට ගන්නා අවස්ථාවේදී කෝපයට පත්ව සිටි මියගිය පුද්ගලයාගේ ඥාතීන් බස් රථයට ගිනි තබා තිබේ.

එයින් එම අවස්ථාවේ බස් රථයේ සිටි පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයෙකුට ලබුණු නියෝගය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ව්‍යාජ ලේඛණ සකස්...

උද්ධමනය ගැන මේ කතාව අහල තිබුණද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: උද්ධමනය කියන වචනය ඇහෙද්දීම සාමාන්‍ය ව්‍යවහාරය...

පාපන්දු පුහුණුකරු මාර්තුවේ නැවත ශ්‍රී ලංකාවට…?

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු...

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...