අමුතු බදු – හර්ෂ ද සිල්වා

Date:

කුකුළු කෑම සඳහා බදු ඉවත් කිරීම, සුපිරි නිවාස සඳහා වැට් බදු වැඩි කිරීම සහ මතභේදකාරී කැසිනෝ පනත් කෙටුම්පත සඳහා සිදුකළ යුතු සංශෝධන සම්බන්ධයෙන් රාජ්‍ය මුදල් කාරක සභාවේදී සාකච්ඡා කළ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ට්විටර් සටහනක් තබමින් පවසයි.

මුදල් කාරක සභාව පෙන්වාදී ඇත්තේ දැනටමත් මිලදීගෙන ඇති නිවාස ඒකක සඳහා හදිස්සියේම 15%ක බද්දක් පැනවීම සාධාරණ නොවන බවය.

කුකුළු කෑම සදහා වූ බදු ඉවත් කිරීම මගින් වෙළෙඳපොළෙහි බිත්තර මිල අඩු වියයුතු බව රාජ්‍ය මුදල් කාරක සභාව පෙන්වා දී තිබුණි.

කෙසේ නමුත් බිත්තරයක උපරිම සිල්ලර මිල රු. 43ක් ලෙස සටහන් කිරීම සදහා විද්‍යාත්මක පදනමක් නොමැති බව මුදල් කාරක සභාව සඳහන් කර තිබේ.

කැසිනෝ බලපත්‍ර නිකුත් කිරීම සදහා නියාමන ආයතනයක් පිහිටුවිය යුතු බවත් එමගින් හොඳ පාලනයක් සහිත ගෝලීය විනෝද ක්‍රීඩා මෙහෙයුම්කරුවන්ට මෙහි ආයෝජන සිදුකළ හැකි බවත් රාජ්‍ය මුදල් කාරක සභාව පෙන්වාදී තිබුණි.

එමෙන්ම කැසිනෝ ක්‍රීඩාව නියාමනය සදහා බොහෝ දේ කළ යුතුව තිබියදී පනතට අක්‍රමවත් සංශෝධන සිදුකිරීම රාජ්‍ය මුදල් කාරක සභාව අනුමත නොකරන බව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

කිසිදු කැසිනෝහල් හිමියෙකු එක් අමුත්තෙක් වෙනුවෙන් ඩොලර් 100ක් කිසිවිට ගෙවා නොමැති බවත් අපනයනකරුවන්ට පනවන 30%ක බද්ද හා 36%ක ආදායම් බදු සලකන විට කැසිනෝ සදහා යෝජිත 10% බද්ද ප්‍රමාණවත් නොවන බවත් රාජ්‍ය මුදල් කාරක සභාව පෙන්වාදී තිබේ.

රෂිකා හෙන්නායක
2022.11.25

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Najib Razak ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (26) දින...

” මූල්‍ය ණය සහන ප්‍රදානය “ලෙසින් ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ නව වැඩපිළිවෙළක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW: නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය...

ශම්මිගේ ක්‍රිකට් ගැන අදහසක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 27, කොළඹ LNW: ආසියාවේ විස්සයි විස්ස සූරියන්...

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අද (27) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...