බලය බෙදීම ගැන දෙමළ දේශපාලන පක්ෂවලින් ජනපතිට යෝජනා තුනක් !

Date:

බලය බෙදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා උතුරු – නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ වෙතින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යෝජනා තුනක් ඉදිරිපත් කිරීමට එකඟතාවක් ඇති කරගෙන තිබේ.

ඊයේ (25) පස්වරුවේ එම පක්ෂ කොළඹදී රැස්වී මෙම තීරණයට එළඹ ඇති අතර එම යෝජනා පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්. සුමන්දිරන් මහතා මාධ්‍ය වෙත පැවසුවේ මෙසේ ය.

“ජනාධිපතිතුමා බලය බෙදීම ගැන, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කළා. ඒ නිසා උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ පක්ෂත් එක්ක අපි අද සාකච්ඡා කළා. අනිත් පක්ෂත් එක්ක අපි පසුව සාකච්ඡා කරන්න ඉන්නවා. අපි කාරණා තුනක් අද හඳුනාගත්තා.

පළමුව ඉඩම් අත්පත් කරගන්න ක්‍රියාවලිය වහාම නවත්වන්න ඕනෙ. ඒ වගේ අත්පත් කරගෙන තියෙන ඉඩම් වහාම නිදහස් කරන්න ඕනෙ.

දෙවනුව දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය බෙදාහැරීම සම්බන්ධයෙන් තියෙන නීති ඔක්කොම වහාම ඉටුකරන්න ඕනෙ. පළාත් සභා මැතිවරණය තියන්න ඕනෙ.

තුන්වෙනුව උතුරු නැගෙනහිර, ඒ කියන්නෙ දෙමළ ජනතාව ඉතිහාසයේ සිටම ජීවත් වෙච්ච ප්‍රදේශයට බලය බෙදාහැරීමේ ක්‍රමය ඇතුළත්ව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න ඕනෙ. ඒ ක්‍රමය රටේ අනෙකුත් ප්‍රදේශවලටත් බලපාන පරිදි වෙන්න ඕනෙ.

ඒ කියන කාරණා තුන අපි හඳුනාගත්තා”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති.

කොළඹ LNW:අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්...

2000 වසරේ සිට වැඩිපුරම රත්‍රන් තොග ගබඩා කරමින් කප් ගැසූ රටවල්! 

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW): ශතවර්ෂයේ ආරම්භයේ සිට,...

පනස් වසක් කලා ලොව ඒකාලෝක කළ කලාසුරි සතිස්චන්ද්‍රයන් දිවිසැරිය නිම කරයි

සටහන: සශිකලා මධුෂාණි ප්‍රවීන රංගනවේදී , ලේඛක, දේශක සතිස්චන්ද්‍ර...