බැසිල්ට VIP පහසුකම් සැපයීම ගැන නිවේදනයක් …

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ විශේෂ ප්‍රභූ පර්යන්තයේ පහසුකම ලබාදීම පිළිබඳව ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඔවුන් එමගින් ප්‍රකාශ කර ඇත්තේ නොවැම්බර් 20 වනදා බැසිල් රාජපක්ෂ මහතාට සහ ඔහුගේ බිරිඳට එම විශේෂ ප්‍රභූ පර්යන්ත පහසුකම ලබාදුන්නේ මුදල් ගෙවීමේ පදනම මත බවත් ඊට අදාළ ගෙවීම් නිසි පරිදි සිදුකර ඇති බවත් ය.

එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතාව පිළිගැනීමට ගුවන් තොටුපලට පැමිණි විශේෂ අමුත්තන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පිරිනැමීම පිළිබඳව ද කරුණු දක්වමින් එම සමාගම පවසන්නේ අදාළ පාර්ශ්වයේ ඉල්ලීම අනුව මුදල් ගෙවීමෙන් පසුව එම සේවාව ද සැපයූ බව ය.

මෙම පහසුකම් සැපයීම සඳහා මුදල් ගෙවා නොමැති බවට පසුගිය දිනවල පළවූ මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර වශයෙන් මෙම නිවේදනය නිකුත් කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...