උසස් පෙළ විභාගයට සුදුසුකම්ලත් සිසුන් ..

Date:

මෙවර 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන් 311,321 දෙනා අතරින්) 231,982ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසයි.

අද(26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස්වරයා කියා සිටියේ ඒ සාමාර්ථ 09 ලබා ගත් සිසුන් 10,863ක් ඒ අතර සිටින බවයි.

2021 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 498 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා තිබේ. ඉන් 64% ක ප්‍රතිශතයක් වන සිසුන් 318 කගේ ප්‍රතිඵල අත්හිටුවා ඇත්තේ නිවරදි හැඳුනුම්පත් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් බවයි.

ඒ පිළිබඳව සිසුන්, දෙමාපියන් සහ ගුරුවරුන් සැලකිලිමත් විය යුතු බවත්, අනන්‍යතාව හඳුනා නොගෙන ප්‍රතිඵල නිකුත් කළ නොහැකි බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය.

කොපි කළ බවට සැකකිරීම, අයඳුම්පත් අත්සන් නොකිරීම, ජංගම දුරකථන ළඟ තබාගැනීම, උත්තර පත්‍ර මාරුකිරීම, අත්අකුරු වෙනස්වීම සහ සටහන් ළඟ තබාගැනීම ප්‍රතිඵල අත්හිටුවීමට අනෙකුත් හේතු බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

2021 සාමාන්‍ය පෙළ විභාගයට පාසල් අයඳුම්කරුවන් ලෙස පළමුවරට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 311,321 කි. ඉන් සිසුන් 231,982 දෙනෙක් ප්‍රතිශතයක් ලෙස 74.52% ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබේ.

මේ අතර 2020 වසරේ උසස්පෙළ සඳහා සුදුසුකම් ලැබූ සිසුන් ප්‍රතිශතය 76.59% කි.

සියළු විෂයන් අසමත් සිසුන් සංඛ්‍යාව 6,566 දෙනෙක් වන අතර එය 2.11% ප්‍රතිශතයකි.

රෂිකා හෙන්නායක
2022.11.27

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊජිප්තුවේ ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය විවෘත කෙරේ, ටූටන්කාමුන්ගේ සොහොන සම්පූර්ණයෙන්ම ප්‍රදර්ශනයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලොව විශාලතම...

කාලය, නැකත එනකම් ඉන්න දෙයක් නෑ. ජනතාව වෙනුවෙන් 21 අපි සූදානම්!

කොළඹ LNW: මේ ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්න යටගහන්න ප්‍රජාතන්ත්‍ර විරෝධී...

අවසානයක් නැති වන අලි ගැටළුව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : වන අලි ගැටලුවෙන්...