මැදපෙරදිග මිනිස් ජාවාරම හෙළිකළ ඩුබායි සුද්දා TID ට කැඳවයි!(VIDEO)

Date:

ඕමානයේ තානාපති කාර්යාලයේ තෙවන ලේකම් ලෙස කටයුතු කළ ඊ.කුෂාන් නැමැත්තා ඇතුළු කණ්ඩායමක් විසින් සිදුකරන මිනිස් ජාවාරමක් සම්බන්ධයෙන් පසුගිය දිනවල තොරතුරු අනාවරණය කළ ඩුබායි සුද්දා නැමැත්තා අද (29) ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවා තිබුණි.

ඔහු විසින් සිදුකළ හෙළිදරව්වෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක්ද ආරම්භ කර තිබෙන බවයි ඔහු මාධ්‍ය වෙත සඳහන් කළේ.

කෙසේවෙතත් මෙම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් තමන් සතුව තදුරටත් තොරතුරු ඇති බවත් ඉදිරියේදීද මෙරට අහිංසක ජනතාව වෙනුවෙන් මෙලෙස පෙනී සිටින බවද ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

මෙවන් හෙළිදරව්වක් කළ කෙනෙකුට සම්මානයක් ඩා වෙනුවට දැන් කරන්නේ තමන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම බවද ඔහු සඳහන් කරන ලදී.

විශේෂයෙන් ඕමානය තුළ සිදුවී තිබෙන මිනිස් ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කර තිබෙන පසුබිමක අද අළුයම මෙරටට පැමිණි මෙහි ප්‍රධාන චූදිත ඕමානයේ තානාපති කාර්යාලයේ තෙවන ලේකම් ලෙස කටයුතු කළ ඊ.කුෂාන් නැමැත්තා අත්අඩංගුවට ගැනුණු අතර ඔහුව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත් රැගෙන ගොස් ඇති බව සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...