දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විගණකාධිපතිවරයා වෙත තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරයි

Date:

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් කෝටි දහසක මුදලක් හෙවත් බිලියන 10කට අධික මුදලක් වැයකිරීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා වෙත තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඊයේ (28) රැස්වූ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී විගණකාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ එතරම් මුදලක් වැයකර ස්ථාපිත කළ ද අදාළ පද්ධතිය නිසි ක්‍රියාකාරී මට්ටමක නොපවතින බවය.

එම පද්ධතිය පිහිටුවීමට අදාළ ගිවිසුම සහ මුදල් ගෙවීම පිළිබඳ තොරතුරු තමා වෙත ලබාදීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව විගණකාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

අතිවිශාල මුදලක් වැයකර ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කළ ද මේ වසරේ ජුනි මාසය වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හිඟ බදු, දඩ සහ පොලී වශයෙන් රුපියල් බිලියන 773ක මුදලක් අයකර ගැනීමට අසමත් වී ඇති බව ද හෙළි වී තිබේ.

එමෙන්ම මේ වසරේ ජුනි මාසය වන විට රුපියල් බිලියන 2.4ක් වටිනා අගරු චෙක්පත් 4831ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති අතර ඉන් චෙක්පත් 3,817ක්ම වසර තුනකට වඩා පැරණි ඒවා බව ද කෝපා කමිටුවේදී අනාවරණය වී තිබේ.

එහෙත් මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට දෙපාර්තමේන්තුවලට බලයක් නොමැති බව කමිටුව හමුවේ පෙනී සිටි නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

රජයේ ගිණුම් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සඳහන් කර ඇත්තේ, මෙවැනි තත්ත්වයක් තුළ ලබන වසරේ අපේක්ෂිත ආදායම ලබාගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකියාව තිබේ ද යන්න විශාල ගැටලුවක් වී ඇති බවය.

එමෙන්ම ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය රටට ගැලපෙන ආකාරයෙන් ක්‍රියාකාරී මට්ටමට පත්කිරීම සම්බන්ධයෙන් දින වකවාණු සහිතව මාසයක් ඇතුළත වාර්තාවක් කැඳවීමට ද කෝපා කමිටුව නිර්දේශ කර තිබේ.

අගරු චෙක්පත් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර මාසයක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ද කමිටුව අදාළ බලධාරීන්ට දැනුම් දුන් බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

රෂිකා හෙන්නායක
2022.11.29

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...