උත්සව වියදම් අත්හිටුවීමට රාජ්‍ය ආයතනවලට යළිත් චක්‍රලේඛයකින් දන්වයි!

Date:

රජයේ නියමයන්ට පටහැනිව තවදුරටත් රාජ්‍ය ආයතන විසින් විවිධ උත්සව සඳහා වියදම් කරනු ලබන බවට වාර්තා වන බැවින් එම සියලුම ආකාරයේ උත්සව වියදම් අත්හිටුවන ලෙස මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් නව චක්‍රලේඛයක් මගින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම්දී ඇත.

මේ අනුව සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, සමාගම්, ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය ව්‍යවසායකයන්, පළාත් සභා, පළාත් පාලන ආයතන සහ රාජ්‍ය බැංකු විසින් සිදුකරනු ලබන විවෘත කිරීම්, නිලධාරීන් විසින් රාජකාරි භාර ගැනීමට හා විශ්‍රාම ගැනීමට අදාළව පවත්වනු ලබන උත්සව, සුහද හමුවීම්, ප්‍රියසම්භාෂණ ද ඇතුළුව සියලුම ආකාරයේ උත්සව පැවැත්වීම වෙනුවෙන් රජයේ හෝ ස්වකීය ආයතනවල ඉපැයීම් භාවිත කරමින් කෙරෙන වියදම් නැවැත්වීමට කටයුතු කළ යුතු බවට අවධාරණය කරමින් භාණ්ඩාගාර ලේකම්වරයා 2022.11.25 දිනැතිව එම චක්‍රලේඛය නිකුත් කර ඇත.

රාජ්‍ය වියදම් දැඩිව පාලනය කිරීමේ අරමුණින් නිකුත් කරන ලද අංක 03/2022 දරන 2022.04.26 දිනැති ජාතික අයවැය චක්‍රලේඛය මගින් රාජ්‍ය ආයතන මගින් පවත්වන උත්සව, විවෘත කිරීම්, සම්මන්ත්‍රණ ඇතුළු අත්‍යවශ්‍ය නොවන හා ප්‍රමුඛ නොවන වියදම් අත්හිටුවමින් ඒවා සඳහා රාජ්‍ය මුදල් භාවිත නොකරන ලෙස නියම කර ඇති බව ද මහා භාණ්ඩාගාර ලේකම්වරයා මේ නව චක්‍රලේඛය මගින් සිහිපත් කර ඇත.

මේ විධිවිධාන තරයේ පිළිපදින ලෙස ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් 2022.08.15 දිනැතිව චක්‍රලේඛයක් මගින් ද දැනුම්දී ඇති බව ද භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට මෙම නව චක්‍රලේඛය මගින් තවදුරටත් දැනුම්දී ඇත.

රෂිකා හෙන්නායක
2022.11.29

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...