උසස් පෙළ කඩඉම් ලකුණු හෙට නිකුත් කෙරේ!

Date:

උසස් පෙළ කඩයිම් ලකුණු හෙට (2) නිකුත් කෙරේ. අයැදුම්පත් කැඳවා මාස දෙකයි

අ.පො.ස. උසස් පෙළ – 2021 (2022) විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු හෙට (2) නිකුත් කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි. විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ ඉතිහාසයේ අයදුම්පත් කැඳවීම අවසන් කර ඉතා අඩුම කාලයකින් විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු නිකුත් කරනු ලබන්නේ මෙවර වීමද සුවිශේෂි සිද්ධියකි.

ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයඳුම්පත් කැඳවා අවසන් කර මාස 2යි සතියක් ඇතුළත කඩඉඩම් ලකුණු නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. පසුගිය උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කළේ ඉකුත් අගෝස්තු 28 දා වන අතර, එම ප්‍රතිඵල අනුව සැප්තැම්බර් 05 විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයඳුම්පත් කැඳවූ අතර, එය සැප්තැම්බර් 23 අවසන් කෙරිණි. අ.පො.ස. උසස් පෙළ – 2021 (2022) විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 236,035ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 36,647ක් වශයෙන් අයදුම්කරුවන් 272,682ක් පෙනී සිටි අතර, එයින් 171,497ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවම සුදුසුකම් ලබා තිබිණි.

එසේ විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා අවම සුදුසුකම් ලැබූවන්ගෙන් 149,946ක් පාසල් අයදුම්කරුවන් වන අතර, 21,551ක් පෞද්ගලික අයදුම්කරුවන් වේ.

මේ විභාගයේ ප්‍රතිඵල මත රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට නියමිත සිසුන් සංඛ්‍යාව 42,519කි.

රෂිකා හෙන්නායක
2022.12.01

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්අඩංගුවට ගැනුණු කෙහෙළිය පවුලට ඇප!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට...

දේශීය කර්මාන්තකරුවන් රැකගත යුතුයි – විද්‍යා හා තාක්ණ අමාත්‍ය 

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : පාරම්පරික පිත්තල කර්මාන්තය...

ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම 2023–2030 එළිදැක්වීම කොළඹදි!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන,...

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රටට මහඟු ආදර්ශයක් – ජනපති අනුර

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : මුදල් අමාත්‍යාංශයේ ලේකම්...