IMF සහාය ලබා ගැනීම ගැන හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ අදහස්

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම වෛද්‍යවරයකු හමුවට යෑම හා සමාන බවත් ඒ නිසා එමගින් ලබා දෙන විසඳුම් ඇතැම් විට අප්‍රසන්න විය හැකි බවත් හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසා ඇත.

පෙරේදා (29) කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මේ බව පවසා ඇත. ලෙඩේ උත්සන්න වී ඇති නිසා තිත්ත බෙහෙත් බීමට සිදුවෙන බවත් එය වෙදාගේ වරදක් නොවන බවත් අප මීට පෙරද සඳහන් කර ඇත.

එම උත්සවයේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මහ බැංකු අධිපතිවරයා පැවසුවේ, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වන අතර ඒ සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ආදී නීතිමය සාධක මඟින් මූල්‍ය කළමනාකරණයට සහාය විය යුතු බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබුණ ද නොලැබුණ ද ආර්ථිකය ස්ථාවර කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග ගත යුතු බව ද ඔහු එහිදී සඳහන් කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ සහනාධාර වැඩපිළිවෙළවල් ආර්ථික අර්බුදය වර්ධනය කිරීමට එක් හේතුවක් වූ බව සහ මෙම සහනාධාර වැඩපිළිවෙළ සඳහා අධික මුදලක් වැයකිරීම හේතුවෙන් අයවැය හිඟය තව තවත් ඉහළ නැංවුණු බව ද හිටපු මහ බැංකු අධිපතිවරයා තවදුරටත් පෙන්වා දී තිබිණි. රජයේ සහනාධාර වැඩසටහන් නිසි ලෙස ඉලක්ක කිරීමක් නොවීම සහ දේශපාලනීකරණය වීම මත විශාල මහජන මුදල් නාස්තියක් වූ බවත් ඒ නිසා අදාළ සහන ලැබිය යුතු සුදුස්සන්ටම ලැබෙන බවට සහතික කර ගැනීම මෙවැනි මොහොතක තවත් ඉතාමත් වැදගත් බව හිටපු මහබැංකු අධිපතිවරයා පෙන්වා දී ඇත.

රෂිකා හෙන්නායක
2022.12.01

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල හෙට!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : හෙට (13) ‘Rebuilding...

අගමැතිනියට එරෙහි විශ්වාසභංගයට අපේ සහයක් නැහැ – ITAK

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන...