විදුලි බිල යළි වැඩි කිරීම වහාම නවත්වන්න – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

මටත් මේකේ ප්‍රශ්නයක් තියනවා – ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

නැවත වතාවක් සිදු කිරීමට යන විදුලිය ගාස්තු වැඩි කිරීම වහාම නවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (01දා) ආණ්ඩුවෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

විදුලි බිල වැඩි කරනවා වෙනුවට මෙරට දරුවන්ට සහ මවුවරුන්ට සහන සලසන්නැයි ද හෙතෙම ඉල්ලා සිටියේය.

එහිදී විපක්ෂ නායක මෙසේද කීය –

දැන් අපිට අහන්න ලැබෙනවා විදුලි බිල ආයෙත් වැඩි කරනවා කියලා. කැබිනට් මණ්ඩලයේත් අනුමැතිය ඊට ලැබිලා තිබෙනවා. මිනිස්සු දරාගන්න බැරි තත්ත්වයකයි ඉන්නේ. ලෝකයේ තෙල් මිල අඩු වුණත් අපිට ඒ සහනය ලැබෙන්නේ නෑ. මනුස්සකමක් තිබෙන්න ඕනානේ. අපි දන්නවා රට තුළ ආර්ථික අර්බුදයක් තිබෙනවා. නමුත් මිනිස්සු ජීවත් වෙන්න ඕනානේ. අද දුවා දරුවන්ට හරිහමන් පෝෂණයක් නෑ. පොත් ටික ගන්න බෑ. පාසල් උපකරණ ගන්න බෑ. දරුවෝ පාසල්වල කලන්තේ දාලා වැටෙනවා. විදුලි බිල අවස්ථා ගණනාවකදී වැඩි කළා. දැන් මේ යළිත් කරන්න යන වැඩි කිරීම වහාම නවත්වලා මේ අයවැයෙන් වෙන් කරලා තිබෙන ලොකුම ප්‍රතිපාදන ටික මේ රටේ දරු පරපුරටත්, මවු පරපුරටත් වෙන් කරන්න කියලා අපි ඉල්ලනවා.

සභානායක, ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා –

මටත් මේ විදුලි බිල වැඩි කිරීම පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. අපොස උසස් පෙළ විභාගය ජනවාරි 23 ආරම්භ වෙනවා. පෙබරවාරි මාසයේ මැද වෙනකම් විභාගය පැවැත්වෙනවා. එතකොට විදුලිය කපන්නත් බෑ. මිල වැඩි කරන්නත් බෑ ඔය කාල සීමාව තුළ. මොකද තුන් ලක්ෂ පනස්දාහක් පමණ ළමුන් විභාගයට පෙනී ඉන්නවා. ඒ නිසා මේ ප්‍රශ්නය මම කැබිනට් මණ්ඩලයට සහ විදුලි බල අමාත්‍යාංශයට යොමු කරන්නම්, මේ ගැන අවධානය යොමු කරලා යම් ලිහිල් භාවයක් ලබා දෙන්න කියලා.

යනුවෙන් පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළේය.

රෂිකා හෙන්නායක
2022.12.02

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...