සපුගස්කන්ද පිරිපහදුව විවෘත නොකිරීම පිටුපස කුමන්ත්‍රණයක්? (VIDEO)

Date:

වහාම සපුගස්කන්ද පිරිපහදුව විවෘත කර බලාගාරවලට අවශ්‍ය ඉන්ධන සපයන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලසිටියි.

අද (04) මාධ්‍ය හමුවක් කැඳවමින් එහි සභාපති නිහාල් වීරරත්න මහතා පැවසුවේ ජනතා බදු මුදල්වලින් බලාගාර ඉදිකර තිබෙන අතර ඒවා ක්‍රියාත්මක කිරීමට සේවකයන්ද සිටින පසුබිමක ඉන්ධන ලබානොදී හදිසි මිලදී ගැනීම් සඳහා රජය යොමුවීමෙන් සිදුවන්නේ තවදුරටත් ලංකා විදුලි බල මණ්ඩලයේ පිරිවැය ඉහළ යාමක් බවයි.

එම පිරිවැය සපුරාගන්නේ කෙසේද යන්න ඔහු විමසා සිටියියේය.

එහෙයින් තවත් පිරිවැය ඉහළ යන ආකාරයෙන් කටයුතු කිරීම වෙනුවට පවතින බලාගාර සඳහා ඉන්ධන ලබාදීමට රජය ක්‍රියාකළ යුතුවන බවයි වීරරත්න මහතා කියාසිටියේ.

බලාගාර තිබියදී ඒවාට ඉන්ධන ලබානොදී රජය සිදුකරමින් ඉන්නේ රටේ ජනතාවට මෙන්ම විදුලි සේවකයන්ටද ඒවා එපාකර එකින් එක විකුණා දැමීමටද යන සැකය මතුවන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...