*
Tuesday, October 22, 2024
spot_img

Latest Posts

ජපන් සටන නිදහස් පහරින් පරාජය වෙයි

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ආසියාවේ බලාපොරොත්තු බවට පත් වී සිටි ජපානයට සහ දකුණු කොරියාවට ඊයේ තරගාවලියෙන් ඉවත යන්නට මාවත සකස් කළේ ක්‍රොඒෂියාව සහ බ්‍රසීලයයි.ඒ අතරින් ජපානයට ඉවතට යන්නට සිඳු වුයේ තියුණු තරගයකින් පසුව නිදහස් පහර දක්වා පිවිසීමෙන් පසුවයි.ඒ අනුව සුපිරි 16 වටයේ පළමු වරට නිදහස් පහර දක්වා ජයග්‍රහණය තීරණය කිරීම රැඟෙන ගිය තරගය හැටියට ජපානය සහ ක්‍රොඒෂියාව අතර තරගය හැඳින්විය හැකියි.
වත්මන් ලෝක කුසලාන අනු සූරයන් වන ක්‍රොඒෂියාව අභිබවා තරගයේ පළමු අර්ධය නිමාවන විට ගෝල 1- 0 ක් ලෙස ඉදිරියෙන් සිටියේ ජපානයයි.නමුත් දෙවන අර්ධයේ තරගයේ 55 වන විනාඩිය ගෙවෙද්දී ඉවාන් පෙරිසික් ක්‍රෙඒෂියාව වෙනුවෙන් ගෝලයක් ලබා ගනිමින් තරගයේ ලකුණු තත්ත්වය සම කරනු ලැබුවා.තරගයේ නියමිත කාලය ද ගෙවී අතිරේක කාලය ද ගෙවුණත් එම ලකුණු තත්ත්වයේ වෙනසක් සිඳු වුණේ නැහැ.ඒ නිසා නිදහස් පහර සඳහා පිවිසි විට තරගාවලිය පුරා දැල මෙන්ම ක්‍රෙඒසියාවේ ගෞරවයද රකින්නට වෙර දරන දැල රකින්නා ඩොමිනික් ලිවකොවික් ක්‍රොඒෂියා ගෞරවය රැක දුන්නා.ඒ අනුව නිදහස් පහර 3 – 1 ක් ලෙස ක්‍රොඒසියා ජය ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.ක්‍රොඒසියානු ජයග්‍රහණය වෙනුවෙන් නිදහස් පහර රැක ගැනීමට පෙර සිටම ජපන් ආක්‍රමණයෙන් දැල සුරැක ක්‍රීඩා කළ ඩොමිනික් තරගයේ වීරයා හැටියට සම්මානනීය වූවා.
බ්‍රසීලය සහ දකුණු කොරියාව අතර තරගය සපුරා බ්‍රසීල අණසකට නතු වූවා.තරගයේ පළමු අර්ධයේ දීම බ්‍රසීලය ගෝල 4 ක් වාර්තා කර තිබුණා.ඔවුන් දෙවන අර්ධයට පිවිසියේම පුදුම සැහැල්ලුවක් සහිතවයි.එහි ප්‍රතිපලයක් හැටියට දකුණු කොරියාවට එක් ගෝලයක් ලබා ගන්නට හැකි වුණා.ඒ 76 වන විනාඩියේදී.දෙවන අර්ධයේ බ්‍රසීලය වෙතින් කිසිඳු ගෝලයක් වාර්තා නොවුණු අතර ඔවුන් කීඩාව රස විඳිමින් ක්‍රීඩා කළ බවක් දකින්නට ලැබුණා.
ආබාධ තත්ත්වයක් මත බ්‍රසීලයේ සුපිරි ක්‍රීඩක නේමාර් සඟවා තිබුණත් ඔහු සුපිරි 16වටයේදි යළි පිටියට කැඳවා තිබුණා.ඒ සුපිරි බව තහවුරු කරමින් තරගයේ 13 වන විනාඩියේදි බ්‍රසීලයට ලැබුණ නිදහස් පහර නිසි ඉලක්කයට යොමු කළ නේමාර් පෙන් වූ ඉහළ තරග රටාව නිසා ඔහු තරගයේ වීරයා ලෙස ද ඇගයීමට ලක් වුණා.
බ්‍රසීලය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා වුණේ තරගයේ හත්වන විනාඩියේදී.එය විනීසස් විසින් වාර්තා කළා.දෙවැන්න නේමාර් වාර්තා කළ අතර තරගයේ 29 වන විනාඩියේ දී මෙවර තරගාවලියේ හැඩකාරම ගෝලයට හිමිකම් කියන රිචල්සන් ක්‍රියාත්මක වුණා.සිව්වන ගෝලය වාර්තා වුණේ ලුකාස් වෙතින් 36 වන විනාඩියේදී යි.දකුණු කොරියාව වාර්තා කළ එකම ගෝලය තරගයේ 76 වන විනාඩියේදී පයික් සෙවුන්ග්හෝ වාර්තා කරනු ලැබුවා.
සුපිරි 16 වටය සඳහා ගෝල 3 ක් පමණක් ලබා ගෙන පිවිසි බ්‍රසීලය එම වටයෙන් අර්ධ අවසන් පූර්ව තරගයට ප්‍රවේශය සකසා ගන්නට ගෝල හතරක් එක තරගයකදී ලබා ගැනීමම ඔවුන් පිළිබඳව පාපන්දු ලෝකය දක්වන ආදරයෙට සහ විශ්වාසයට හොඳම නිදසුනක්.නමුත් වත්මන් ලෝක අනු සූරයන් වන ක්‍රොඒෂියාව සමඟ තරගය යෙදී ඇති නොවැම්බර් නව වෙනිදා ක්‍රොඒෂියානු දැල රකින ඩොමිනික්ව මුලා කර දැල තුළට පන්දුව රිංගවීමනම් පහසු වන එකක් නැහැ.ඔහුගේ දෑස සහ දෑත ක්‍රොඒෂියාවට මේ දක්වා ලබා දුන් ආවරණය බ්‍රසීලයට එරෙහිවද ක්‍රියාත්මක කරමින්,නේමාර්,රිචල්සන් වැනි විශ්මිත ප්‍රහාරකයන් අන්ද මන්ද කරනවා සැක නැහැ.ඒ නිසා නොවැම්බර් 9 වන දා මෙවර ලෝක කුසලාන තරගාවලියේ පැවත්වෙන උද්වේගකරම තරගයක් දකින්නට ලොව පුරා පාපන්දු ලෝලීන් සූදානමින් සිටින බව සැක නැහැ.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan