රහීම් පාපන්දුව වෙනුවට පවුල ගැන සිතයි

Date:

එංගලන්ත පාපන්දු ක්‍රීඩක රහීම් ස්ටර්ලින්ගේ නිවෙසට කඩා වැදී නිවසේ තිබූ ස්වර්ණාභරණ සහ ඔරලෝසු රැඟෙන පලා ගිය සොර කල්ලියක් ගැන වාර්තා වීමත් සමඟ සුපිරි 16 වටයට සහභාගි නොවී ඔහු සිය පවුලේ සාමාජිකයන් සමඟ එක්වීමට එංගලන්තය බලා ගිය බව කළමණාකරු ගැරත් සවුත්ගේට් තහවුරු කර ඇත.
මේ සම්බන්ධයෙන් පළවන ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ස්ටර්ලිංගේ පාර්ශවයේ තොරතුරු අනුව සන්නද්ධ පිරිසක් ඔවුන් නිවසේ සිටියදී මෙම මංකොල්ලකෑම සිඳු කර ඇති බවයි.පොලිසිය මාධ්‍යවල පළවන වාර්තා හුවා දක්වමින් පවසන්නේ සන්නද්ධ කණ්ඩායමක් එවැන්නක් සිඳු කර බවට වාර්තා පළවුණ ද තවමත් ඒ සම්බන්ධයෙන් පොලිසියට කිසිඳු සාක්ෂියක් ලබා දීමට කිසිවෙක් ඉදිරිපත් වී නැති බවයි.පවුලේ සාමාජිකයන් විදේශ සංචාරයකින් පසුව නිවෙසට පැමිණෙද්දී මේ මංකොල්ලකෑම සිඳු වී ඇති බවට ද ඇතැම් වාර්තා පවසන අතර පොලිසිය පවසන්නේ ද,මෙය සිඳු වී ඇති දිනය ගැන තවමත් නිශ්චිත හෝඩුඩාවක් ලැබී නැති බවයි.එසේම පවුලේ කිසිවෙක් නැති අවස්ථාවක මෙය සිඳු වී ඇති බවට ද පොලිසියේ ප්‍රකාශ මඟින් පැහැදිළි කරයි.
රහීම් කණ්ඩායමෙන් නික්ම යාම ගැන විවිධ අදහස් පළ වුණ ද,එංගලන්ත නායකයා වන හැරී කේන් මේ සම්බන්ධයෙන් දරන්නේ මානවීය හැඟීමකි. “එය ඔහුගේ පෞද්ගලික කාරණයක් වුව ද කණ්ඩායමේ සගයකුට හෝ මිතුරෙකුට එවැනි දෙයක් සිඳු වූ විට දරාගැනීම පහසු නැත.” හැරී පවසන්නේ කණ්ඩායමක් හැටියට ඔවුනොවුන් අතරේ තිබෙන සහෝදර බැදීමේ පළලය.හැරී පවසන්නේ කණ්ඩායමම ඔවුන් ඉක්මණින් දැකීමට නො’ඉවසිල්ලෙන් සිටින බවය.
කෙසේ හෝ මේ සිඳුවීම සමබන්ධයෙන් පරීක්ෂණ සිඳුවන ආකාරය ගැන පැතිරෙමින් ඇත්තේ අවිශ්වාසය ය.සමහර විට පොලීසිය සම්බන්ධයෙන් වාර්තා වන දේ නිවැරදි නැති වීමට ද ඉඩ ඇත.එහෙත් කෙසේ වුව ක්‍රීඩකයෙකුට තමන්ගේ පවුල තරම් ලෝකයම දිනුවත් පලක් නැති බව රහීම් පැහැදිළි කර ඇත.එංගලන්ත කණ්ඩායම රහීම්ගේ හිස් තැන පුරවන්නට වැඩි ශක්තියකින් හෙට දවසේ ක්‍රියාත්මක වනු ඇත.රහීම් පවුල තනි කොරන අයුරෙන්ම කණ්ඩායමම රහීම්ව තනි නොකර සිටින බව ද නායක හැරී කේන් ගේ අදහස් වලින් පිළිබිඹු වෙයි.පාපන්දු ප්‍රහාරයක තරම් වේගයක් නැතත් මේ ආදරණිය බැදීම ඒ ප්‍රහාරයකට වඩා තදින් මිනිස් හදවත් තුළ තදින් තැන්පත් වෙනවා සැක නැත.



RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...

ඇල්මෙන් උගනින්න ගිය පුත කුමක් විණ ?

මන්දාකිණි පිරුණු අනන්ත අහස ගැනදහසක් රහස් සඟවා ගත් මුහුද...

විදුලිබල කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය...

සන්ටෝ ගියේ ඇයි?

නිශ්මං රණසිංහ ජුනි 30, කොළඹ LNW: නජ්මුල් හොසේන් සන්ටෝ ශ්‍රී...