සයිබර් අපරාධ සම්මුතියේ දෙවැනි අතිරේක ප්‍රොටෝකෝලයට ලංකාව අත්සන් තබයි!

Date:

ශ්‍රී ලංකාව යුරෝපා කවුන්සිලයේ වැඩිදියුණු කරන ලද සහයෝගීතාව සහ ඉලෙක්ට්‍රොනික සාක්ෂි හෙළිදරව් කිරීම පිළිබඳ සයිබර් අපරාධ සම්මුතියේ දෙවැනි අතිරේක ප්‍රොටෝකෝලයට අත්සන් තබයි.

2022 නොවැම්බර් 30 වැනි දින ස්ට්‍රාස්බර්ග් හි යුරෝපා කවුන්සිලයේ පැවති ගිවිසුම් උත්සවයකට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සහභාගී වූ තානාපති ග්‍රේස් ආසිර්වාතම් මහත්මිය යුරෝපා කවුන්සිලයේ වැඩිදියුණු කරන ලද සහයෝගීතාව සහ ඉලෙක්ට්‍රොනික සාක්ෂි හෙළිදරව් කිරීම පිළිබඳ සයිබර් අපරාධ සම්මුතියේ දෙවැනි අතිරේක ප්‍රොටෝකෝලයට තැබුවාය.

යුරෝපා කවුන්සිලයේ නියෝජ්‍ය මහලේකම් බිජෝර්න් බර්ජ් මහතා, සන්ධාන අංශයේ ප්‍රධානියා, ගිවිසුම් කාර්යාලයේ ප්‍රධානියා සහ සයිබර් අපරාධ සම්මුති කමිටුවේ (T-CY) 27 වැනි පූර්ණ රැස්වීමේ නියෝජිතයන් ඉදිරිපිට එතුමිය ඊට අත්සන් තැබුවා ය. T-CY හි ශ්‍රී ලංකා නියෝජිත, ශ්‍රී ලංකා CERT හි අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නීතිඥ ජයන්ත ප්‍රනාන්දු මහතා ද මෙම උත්සවයට සහභාගී විය.

දෙවැනි අතිරේක ප්‍රොටෝකෝලයට ශ්‍රී ලංකාව අත්සන් තැබිය යුතු බව නිර්දේශ කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයක් 2022 නොවැම්බර් 29 වැනි දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. සයිබර් අපරාධ හා සබැඳි විමර්ශන සහ නඩු පැවරීම් සඳහා විදේශීය සේවා සපයන්නන්ගෙන් විද්‍යුත් සාක්ෂි ලබාගැනීමේ හැකියාව මෙමඟින් ශ්‍රී ලංකාවට හිමි වේ. සයිබර් අපරාධ හා සබැඳි අභියෝගවලට ගෝලීය වශයෙන් වඩාත් ඵලදායි ප්‍රතිචාර ලබා දෙන දත්ත ආරක්‍ෂාව පිළිබඳ අතිරේක විධිවිධාන ද සහිත මානව හිමිකම් පිළිබඳ නව සුරක්ෂණයක් ඊට ඇතුළත් ය.

ශ්‍රී ලංකාව 2015 වසරේ බුඩාපෙස්ට් සයිබර් අපරාධ සම්මුතියට සම්බන්ධ වූ ප්‍රථම දකුණු ආසියාතික රට වන අතර, වැඩි දියුණු කළ සහයෝගීතාව සහ ඉලෙක්ට්‍රොනික සාක්ෂි හෙළිදරව් කිරීම පිළිබඳ බුඩාපෙස්ට් සයිබර් අපරාධ සම්මුතියේ දෙවැනි අතිරේක ප්‍රොටෝකෝලයට අත්සන් තැබූ පළමු රට ද විය.

ශ්‍රී ලංකාවේ දත්ත ආරක්ෂණ පනතේ විධිවිධාන 2 වැනි අතිරේක ප්‍රොටෝකෝලය සමඟ අනුකූල වන බව අවධාරණය කළ තානාපති ආසිර්වාතම් මහත්මිය මෙම උත්සවය අතරතුර ප්‍රකාශයක් සිදු කරමින්, “2022 අංක 9 දරන පනත හරහා දකුණු ආසියාවේ ප්‍රථම දත්ත ආරක්ෂණ නීති සම්පාදනය කිරීමට සහ එය නීතිගත කිරීමේ කටයුතු සඳහා, බුඩාපෙස්ට් සම්මුතියේ 2 වැනි අතිරේක ප්‍රොටෝකෝලය පිළිබඳව සාකච්ඡා කිරීමේ දී උගත් පාඩම්, ශ්‍රී ලාංකික විශේෂඥයන්ට උපකාර විය” යනුවෙන් සඳහන් කළාය.

සම්මුතියේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා යුරෝපා කවුන්සිලය සහ සයිබර් අපරාධ පිළිබඳ සම්මුතියේ රාජ්‍ය පාර්ශ්ව සමඟ සමීපව කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතු කැපවීම යළිදු අවධාරණය කළ එතුමිය, යුරෝපා කවුන්සිලය සහ යුරෝපා සංගමය විසින් අරමුදල් සපයන ලද ගෝලීය ක්‍රියාකාරී සයිබර් අපරාධ (GLACY) ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන ධාරිතා වර්ධන වැඩසටහන් හරහා යුරෝපා කවුන්සිලය ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය සිය පැසසුමට ලක් කළාය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාස පහයි පැමිණිලි 2000 ඉක්මවයි!

කොළඹ LNW:වසරේ ගෙවුණු මාස 05ක කාලය තුළ අල්ලස් හෝ...

ඇමරිකාව සමග වෙළඳ ගනුදෙනු සිදු කරන රටවලට චීනයෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ඇමරිකාව සමග වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමේදී චීනයේ...

අපි ඇවිල්ලා බංකොලොත්භාවයෙන් මේක මුදාගත්තා. ණය ප්‍රතිව්‍යුහගත කළා. ආර්ථිකය ස්ථාවර කළා – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල මෙවර අයවැයෙන් වෙන්කර ඇති රුපියල් බිලියන...

HNB ඇෂුවරන්ස් අභියෝගයකින් තොරව වෙළද සේවා ක්‍රිකට් සූරතාවය දිනයි

නිශ්මං රණසිංහ ජුනි 30, කොළඹ LNW: ස්ටැෆර්ඩ් මෝටර් සමාගමේ අනුග්‍රහයෙන්...