චීනයේ දිනකට කොවිඩ් රෝගීන් 30,000ක්

Date:

චීනයේ දිනකට කොවිඩ් රෝගීන් 30,000ක් පමණ වාර්තා වන බව ජාතික සෞඛ්‍ය කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව ඊයේ (06)දිනය වන විට සෞඛ්‍ය බලධාරීන් විසින් රට පුරා ඇති සීමාවන් ලිහිල් කරමින් තවත් නව නීති කිහිපයක් ද ප්‍රකාශයට පත් කර තිබිණි.


චීනයේ ශුන්‍ය-කොවිඩ් ප්‍රතිපත්තියේ ප්‍රධාන ලිහිල් කිරීමක් ලෙස රෝගීන් නිවසේ සිට නිරෝධායනය කිරීමට මෙහිදී අවස්ථාව ලබා දී ඇත. චීනය සාමාන්‍යයෙන් මෙතෙක් කොවිඩ් ආසාදිත පුද්ගලයින්ට සහ සමීපව ඇසුරු කරන ඕනෑම අයෙකුට නිරෝධායන කඳවුරු වෙත යාමට චීනය බල කර තිබුණි. එමෙන්ම රෝහල් සහ පාසල් හැර අනෙකුත් බොහෝ පොදු ස්ථාන සඳහා PCR පරීක්ෂණ අවශ්‍යතා ද ඉවත් කර ඇති අතර අධි අවදානම් ප්‍රදේශ හැර අගුලු දැමීම් වැනි සීමා කිරීම් වඩාත් නිවැරදිව හඳුනාගත් ප්‍රදේශවලට යෙදිය යුත් බවට නීති ලිහිල් වී ඇත. පාසල් හා විශ්වවිද්‍යාල විවෘතව තැබිය යුතු අතර අගුලු දමා ඇති ප්‍රදේශවල සිටින පුද්ගලයින් සඳහා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාදයකින් තොරව ලබා ගැනීමට අවස්ථාව සැලසිය යුතුය. එමෙන්ම වැඩිහිටි පුද්ගලයින්ට එන්නත් ලබාදීම කඩිනම් විය යුතු බව මෙලෙස පනවන ලද නව නීති අතර වේ.


මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා අදහස් දක්වා ඇත්තේ ලෝකයේ වෙනත් තැන්වල මෙන් වෛරසය සමඟ ජීවත් වීමට චීනය ද ආරම්භ කරමින් ඇති බවයි.

මෙම ප්‍රතිසංස්කරණ පැමිණෙන්නේ රට පුරා වසංගත පාලනයන්ට එරෙහි සිවිල් විරෝධතා පුපුරා ගොස් සතියකට පසුව ය. චීනයේ ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය වසර තුනක් තිස්සේ චීන ජනතාවගේ ජීවිත සීමා කළ ප්‍රතිපත්තියක් වූ අතර පසුගිය දින කිහිපය තුළ චීනයේ වර්ධනය වූ ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියට එරෙහි විරෝධතා පසුව ජනාධිපති ෂී ජින්පින්ග් සහ චීන කොමියුනිස්ට් පක්ෂය සෘජුවම විවේචනය කිරීම දක්වා වර්ධනය විය. කෙසේ නමුත්, වසංගතය තුළ චීනය නව තත්වයකට පිවිසි අතර උප අගමැති සන් චුන්ලාන් පසුගිය සතියේ නිවේදනය කර තිබුණේ මෑතකදී වාර්තාවන කොවිඩ් රෝගීන්ට රෝග ඇති කිරීමේ හැකියාව දුර්වල වෙමින් පවතින බවයි.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...