TIBAR TT කිරුළු ඉෂාරාට සහ ප්‍රසාද් ට ජනිත් වයස් ඛාණ්ඩ සූරතා දෙකක්

Date:

හිටපු ජාතික නාමල් ගුණසේකර සහ බුද්ධසිරි විතානාච්චි යන දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් ටිබාර් ක්‍රීඩා සමාජය විසින් තරගාවලිය සංවිධානය කරන ලද ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවති වූ 17 වැනි Tibhar සමස්ත ලංකා විවෘත ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේ විවෘත කාන්තා අංංයේ සූරතාවය පළපුරුදු ක්‍රීඩිකාවක වන ඉෂාරා මධුරංගි දිනා ගත්තාය.වරාය අධිකාරිය නියෝජනය කළ ඉෂාරා අතින් මහනුවර හිල්වුඩ් විද්‍යායේ බිමන්දි බණ්ඩාර වට 3- 2 ක් සේ තියුණු තරගයකින් පසුව පරාජය කළාය.

එම්ජේ ඉන්ටර්නැෂනල් හි ප්‍රසාද් ද සිල්වා පිරිමි අංශයේ සූරයා වූයේ ජයවර්ධනපුර සරසවියේ ශිෂ්‍යයෙක් වූ චමීර ගිණිගේ වට 3 -1 ලෙස පරාජය කරමින්ය.ජනිත් බටුගෙදර අවුරුදු 15 න් පහළ සහ අවුරුදු 17 න් පහළ වයස් ඛාණ්ඩ දෙකේම සූරතානය දිනා ගනිමින් කැපී පෙණින.ඔහු අතින් 15 න් ඉසව්වේදී හිල් කන්ට්‍රි ජාත්‍යන්තර පාසලේ සායිෆුල්ලා අක්‍රම් ද 17 න් පහළ ඉසව්වේදී කොළම ලයිසියම් විද්‍යාලයේ දෙව්මිත් වීරසේන පරාජයට පත් විය.

ලංකාවේ වර්ථමානයේ ඉදිරියෙන්ම සිටින තරුණ ක්‍රීඩිකාවක් වන බිමන්දි බණ්ඩාර එක් සූරතාවයක් සහ අනු සූරතා දෙකක් දිනා ගත්තේය. 17 න් පහළ ඉසව්වේදී බිමන්දි ධර්මාශොක්ය නියෝජනය කළ දිව්‍ය දරණි පරාජය කළ ද 19 න් පහළ තරගයේදී බිමන්දි, ඔනෙලි ලෙහන්සාට පරාජය වූයේ සට 3 /2 තියුණු තරගයකින් පසුය.වීවෘත අංශයේදී ද බිමන්දි පළපුරුදු ඉෂාරා මධුරංගි ඉදිරියේ පරාජය වූයේ ද වට 3/2 ක් ලෙසය.


සෙසු වයස් කාණ්ඩවල තරග ප්‍රතිපල පහත දැක්වේ


11න් පහළ බාලක – 3/2 1 ආහිල් නබීල් – රාජකීය
2 සන්දිව් කුරුවිට – රාජකීය
අවුරුදු 11න් පහළ බාලිකා – 3/0 1 මුතුලි සහන්යා – සවුත්ලන්ඩ්
2 නිසන්දි නිම්තාරා – සවුත්ලන්ඩ්
13න් පහළ බාලක – 3/2 1 සෙනුල් රත්නායක – ඩී රාජා
2 ආකාන් බෝජිත්- ධර්මාශෝක
13න් පහළ බාලිකා – 3/1 1 යෝෂිනි ජයවර්ධන – ශාන්ත අන්තෝනි
2 මයුමි වීරපරාක්‍රම -ලයිසියම්
15න් පහළ බාලිකා – 3/0 1 ලෙසන්යා සේතුම්දී – ධර්මාශෝක
2 තමදි කාවින්ද්‍යා – දේවානන්ද
19න් පහළ බාලක – 3/0 1 විහඳු රන්දින- ධර්මාශෝක
2 ධනුෂ්ක විජේසිංහ-කිංස්වුඩ්

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලිබල කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය...

සන්ටෝ ගියේ ඇයි?

නිශ්මං රණසිංහ ජුනි 30, කොළඹ LNW: නජ්මුල් හොසේන් සන්ටෝ ශ්‍රී...

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපාට අධි චෝදනා භාරදෙයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : 2014 වසරේ එවක...

ජනාධිපති අරමුදලින් ඉෂාක් බෙග් ගේ ප්‍රතිකාර සඳහා මූල්‍ය පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : ඉෂාක් බෙග් මහතාගේ...