*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

සියලු බටහිර විරෝධයන් ප්‍රගතිශීලීද …?

ගෝලීය ප්‍රාග්ධනයට දර්ශනයක් ඇත. ඒ පුත්ගල නිදහස කේන්ද්‍ර කරගත් ලිබරල්වාදයයි. ගෝලීය ප්‍රාග්ධනය කඩා වදින සෑම අස්සක් මුල්ලක් කරාම මේ ලිබරල් දර්ශනයද කඩාවදී. මා මෙහිදී ලිබරල් වාදය යනුවෙන් අදහස් කරන්නේ ලංකාවේ ස්ටාලින්වාදී පක්ෂ විසින් “නවලිබරල්වාදයේ දෙවන ඉනිම” ලෙස ලේබල් ගසන මනෝ විකාරය නොවේ.

මා අදහස් කරන ලිබරල්වාදය යනු කොමිනිස්ට් රංචුවාදයට හා ඉස්ලාම් හා බෞද්ධ හා වෙනත් පසුගාමී සාමුහික වාදයන් විසින් පුත්ගලයා යන සාධකය යටකරන ඊනියා සාමුහික වාදයන්ට එරෙහි පුත්ගල වාදයයි.

සාමුහිකත්වය යන සාධකය හැම විටකම ප්‍රගතිශිලී නැත. මන්ද ඉතිහාස ජනතාව එකට බැඳ දැමා තිබූ සාමූහික වහල් හුයපට වූකලී යම් අධිපති  ද්‍රශ්ඨිවාදයකි. කුරුස යුද්ධයේදී “කුරුසය” වූකලී අධිපති බලදේශපාලන උවමනාවන් වෙනුවෙන් පොදුජනයා එකට බැඳදමා තිබූ එක් රැහැන් පටකි. දුටු ගැමුණුගේ බලදේශපාලනය වෙනුවෙන් මිනිසුන් එකට බැඳදමා තිබූ රැහැන් පොට වූයේ “බුද්ධ සාසනයේ චිරස්තිතිය” නැමති ද්‍රෂ්ඨිවාදයයි.

මිනිසුන්ගේ තනි තනි ස්වායක්ත චින්තනය යට යන සෑම විටකම උඩට මතුවන්නේ එක් හෝ තවත් ආකාරයක බල දේශපාලන ද්‍රෂ්ඨිවාදයක් බව මෙහිදී අප විසින්  මතක තබාගත යුතු දේශපාලන සත්‍යයකි. මෙතෙක් ලොව ඉතිහාස සියළු සාමුහිකත්වයන් කේන්ද්‍රගතවී තිබුනේ  මොනයම් හෝ අදිපති තනි ද්‍රෂ්ඨිවාදයක් කේන්ද්‍රකරගනිමින්ය.

සියළු මිනිසුන්ට අවමවශයෙන් තමන්ගේම කියා බිම් අඟලක් හෝ අතු පැලක් හෝ සන්තක කරගැනීමේ අයිතිය ඉතිහාසයේ මුල්වරට සහතිකකර දෙන්නේ ධනවාදය විසිනි. අවම වශයෙන් දාසයාට තමන්ට තමන්ගෙම සරීර කූඩුවවත් අයිති නැති වැඩවසම් ක්‍රමයක් තුල රදලයන් වෙනුවෙන් ජීවත්වෙන මිනිස් වහලෙකු මිසක පුත්ගලත්වයේ සෙවනැල්ලක්වත් පහල නොවේ.

වැඩවසම් ක්‍රමය තුල සිටි ප්‍රවේණි දාසයා ධනවාදය තුලදි පුරවැසියා බවට රූපාන්තරනය වන්නේ ධනවාදය තුලදී සියළු මිනිසුන්ට පුත්ගල අනන්‍යතාවයක් හිමිවන බැවිනි. මෙහිදී ලාංකීය වාම න්‍යායාචාර්‍ය්වරුන් විසින් ස්වාර්තවාදය පුත්ගලවාදය ලෙස පටලවාගෙන තිබීම නිසා ඔවුන්ට පුත්ගලවාදය යනු සමජවාදයේ විරුද්දාබාෂයකි.

මිනිස් අයිතිවාසිකම් යන්න පවතින්නේ තනි තනි පුත්ගලයන්ගේ අයිතිවාසිකම් ලෙසය. එහිදී ආගම විසින් හෝ අන් කවර බල අධිකාරියක් විසින් හෝ පුත්ගල අයිතීන් කප්පාදු කෙරේ නම් ලිබරල්වාදය විසින් එය ප්‍රශ්න කෙරේ.

මෙහිදී ස්ටාලින්ගේ කොමිනිස්ට් වාදය යෝජනා කරන්නේ අනාගත කොමිනිස්ට්වාදය උදෙසා වර්තමාන මිනිසා සමජවාදී රාජ්‍යය වෙනුවෙන් කැපවී දියවී යායුතු බවය. මෙතනදී තනි තනි මිනිසුන්ගේ අයිතීන් අහෝසිවී යයි.
මෙයට උදාහරණයක් ලෙස චීනය තුල නොපෙනෙන නොදැනෙන සමාජවාදයක් වෙනුවෙන් කම්කරුවන් දසක ගානක් තිස්සෙ පතල් තුල කම්කරු අයිතීන් කිසිවක් නොමැතිව සිරවී බල්ලන් බලලුන්සේ මියයාම ගත හැක.

මේ තත්වයට එරෙහිව ලිබරල්වාදීන් විසින් මතුකරන තර්කය නම් මහා සමාජය නිර්මාණය වී ඇත්තේ තනි තනි පුත්ගල ඒකක වලින් බැවින් මේ තනිතනි මිනිස් ඒකක පරිබාහිර දෘෂඨිවාදයක වහලුන් සේ වූවිට සමස්ථ සමාජයම පරාදීන සමාජයක් වනබවය. මොනයම් හෝ පරමාදර්ශයක් වෙනුවෙන් මිනිසුන්ට කැපවීමට හෝ මියයෑමට කවුරුන් විසින් හෝ යෝජනා කරයි නම් එහිදී සිදුවන්නේ මහා සමාජය නිර්මාණය වී ඇති මූලික පරමානුව වූ මිනිස් අංශුවේ ස්වෛරීත්වය වාෂ්පවී යෑමය. එහිදී සමාජයේ මූලික මිනිස් ඒකකයේ ස්වෛරීත්වය වාෂ්පවී ගිය කල මහාසමාජයේ මිනිස් ස්වායක්තතාවය පිළිබඳ කිසිවක් ඉතිරි නොවේ.

දෘෂඨිවාදයන් දෙකක් වුවත් ඉස්ලාම් මූලධර්මවාදය පවතින මැදපෙරදිග කලාපයේ ඇතැම් රටවල්වල තත්වයද මේ චීන උතුරු කොරියානු කොමිනිස්ට් මූලධර්මවාදයට සමානය. එහිද විශේෂයෙන් කාන්තාවන් සම්බන්දයෙන් මිනිස් අයිතිවාසිකම් ක්‍රියාත්මක නොවේ. අවමවශයෙන් ගැහැණිය යනු තවත් මනුෂ්‍ය ප්‍රානියෙක් ලෙස හෝ නොසැලකෙන අවස්තා පවා ඇත.එමෙන්ම එහි ආගමික අධිකරණය විසින් ක්‍රියාත්මක කරන දන්ඩනයන් පවා විශ්ව මානවහිමිකම් ප්‍රඥ්ඥප්තීන්ටද පටහැනිය.

මෙහිදී වත්මන් කලබැගෑනිය ආරම්බවෙන්නේ දියුණු ලෝකය තුල පවතින මිනිස් අයිතීන් සහ කාන්තා නිදහස පිළිබඳ කතිකාව මෙකී කොමිනිස්ට් හා ආගම්වාදී රටවල්වලට කාන්දුවීම තුලය. එහිදී මේ මූලධර්මවාදී රටවල්වල වින්දිත මිනිසුන් හා ගැහැණුන් විසින් කොමිනිස්ට් හා ආගම්වාදී බලඅධිකාරයන් ප්‍රශ්න කරනු ලැබයි. මෙයට හොඳම උදාහරණය වර්තමාන ඉරාණයයි.

මෙහිදී විශේෂයෙන්ම ඉස්ලාම් මූලධර්මවාදයේ අංක එකේ සතුරා බවට පත් වන්නේ බටහිර ලිබරල්වාදයයි. මන්ද ගැහැණිය යනු පුරුෂයා සතු දේපොලක් ලෙස වර්ගීකරණය කර ඇති ආගම්වාදය බටහිර ලිබරල් ස්ත්‍රී වාදීන්ගේ නිර්දය ප්‍රහාරයට ලක්වන බැවිනි. එසේම බටහිර ලෝකයේ ගැහැණුන් බුක්තිවිඳින කාන්තා අයිතීන් සහ කාන්තා නිදහස පිළිබඳ කතිකාව විසින් ඉස්ලාම් මූලධර්මවාදය යටින් කාදැමෙන බැවින්.

මෙහිදී ඉස්ලාම් මූලධර්මවාදයේ පමණක් නොව ආසියාව තුල කාන්තාවන්ගේ සුදු රෙද්දේ පවිත්‍රතාවය සොයන සහ කසාදය සඳහා ගැහැණුන් සෙවීමේදී පැකින් කඩපු නැති ගැහැණු වස්තු සොයන දෙදාස්පන්සිය වසරක සබ්‍යත්වයද ලිබරල්වාදයේ හාස්‍යයට ලක්වේ.

මෙහිදී මේ යුගයේ ජනප්‍රිය බටහිර විරෝධය යනු ප්‍රාග්ධනයේ කොල්ලකාරී බාවය කේන්ද්‍රකරගනිමින් නිර්මාණය වූවක් නොව පැරණි වැඩවසම් දෘෂ්ඨි අස්තානයේ සිට මිනිස් නිදහසට විරුද්ධව නිර්මාණය වූ අබූතයකි.

බටහිර ධනවාදය තුල කම්කරු අයිතීන් සම්බන්දව විශේෂවූ ප්‍රඥ්ඥප්තීන් ඇත. නමුත් කම්කරු රාජ්‍යයක් යැයි කියාගන්නා චීනය තුල මොනම කම්කරු අයිතිවාසිකමක්වත් නැත. පාලකයන්ව ප්‍රශ්න කරන කම්කරුවන් ශිෂ්‍යයන් තොග පිටින් වෙඩිතබා මරා දැමෙයි. මෙහිදී අප සිහිතබා ගතයුතු කරුන නම් ප්‍රජාතන්ත්‍රවාදය නැති රාජ්‍යයක් තුල මොනම අයිතිවාසිකමක්වත් නැති බවය.

නායකයන් නියමකරන පටු කොමිනිස්ට් ලිං කටෙන් ලෝකය බැලීමට පුරුදු පුහුණු කල චීන කම්කරු ජනතාව තමන්ට හමුවන දේශපාලන ප්‍රපංචවල සංකීර්ණ සන්දර්බයන් හඳුනා නොගනී. ඒ වෙනුවට ඔවුන් සී ජින් පින්ලා විසින් ප්‍රපංච වලට දෙනු ලබන අර්තකතන එකහෙලාම විශ්වාසකරයි.

මාක්ස් සඳහන් කරන සමාජවාදය නිර්මාණය වන්නේ නිශ්පාදන බලවේගවල හා ශ්‍රමයේ බූගෝලීය ක්‍රියාකාරිත්වයක් තුලය. නමුත් අරුමපුදුම චීන සමාජවාදය ක්‍රියාත්මක වන්නේ සියල්ල ජාතික රාජ්‍යය සීමාව තුල සියල්ල කොටුකර තබාගැනීම තුලය. ඒ කොටු කර තබා ගැනීමේ අරමුණ වන්නේ ලිබරල් රැස් කඳම්බ ඒ තුලට නොවැටී තබා ගැනීමටය.

චීනය, උතුරු කොරියාව වැනි ඒකාධිපති බල ව්‍යුහයක් පවතින රාජ්‍යයන්ද ආගමික මූලධර්මවාදයකින් ස්ත්‍රී අයිතීන් වසා දැමුන මැදපෙරදිග ඇතැම් රාජ්‍යයන්ද මේ යුගයේ පැවැත්ම පිළිඹඳ යම් තර්ජනයකට මුහුණ පා ඇත. මන්ද, විද්‍යුත් සන්නිවේදන ජාලයකින් සමස්ථ ලෝක නිශ්පාදන ක්‍රියාවලියම ධාවනය කෙරෙන මේ ඇන්ඩ්‍රොයිඩ් සියවසේ තව දුරටත් දියුණු ලෝකයෙන් ආවරණය කරගෙන මේ විවිධ ම්ලේච්ඡත්වයන් තනි රටක් ඇතුලත පවත්වාගෙන යාමට ඇති නොහැකියාව නිසාය.

අන්තර් ජාලය හා සමාජජාල විසින් ලෝවැසියන්ට ලෝකය අතැඹුලක් සේ හයේ හතරේ ඩිජිටල් තිරයක් තුල හකුළුවා පෙන්වන ලෝක සන්නිවේදන යතාර්තයක් තුල බටහිර නිදහස් ලෝකය සහ බටහිර නිදහස් ගැහැනියව ඈත මැදපෙරදිග ගැහැණිය දකී.

චීනය තුල සමාජ මාධ්‍යජාල තහනම් කර තිබුනද මොන ආකාරයකින් හෝ පිටත ලෝකයේ මිනිස් අයිතීන් චීන කම්කරුවන්ට සන්නිවේදනයවේ. මේ මොහොතේ චීනය තුල අළුයට ගිනි පුපුරු සේ ඇවිලෙමින් පවතින්නේ ඒ චීන නිදහස් අරගලයයි.

තවදුරටත් මේ ගෝලීය විද්‍යුත් ලිබරල් ආවේශයන්ගෙන් ගැලවී සිටිය හැක්කේ තාමත් ශිෂ්ඨ ලෝකයේ ඇස නොගැටුනු ඇමර්සන් හා කොංගො වල වෙසෙන ගෝත්‍ර සමාජවලට පමණි.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan