සෞඛ්‍යය අමාත්‍යවරයාට වෛද්‍ය සංගමයේ අප්‍රසාදය…

Female medicine doctor hand holding silver pen writing something on clipboard closeup. Medical care, insurance, prescription, paper work or career concept. Physician ready to examine patient and help

විදේශගත වීමට උත්සාහ කරන වෛද්‍යවරුන් අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බවට සෞඛ්‍ය ඇමැතිවරයා කර ඇති ප්‍රකාශයට සිය සංගමය දැඩි ලෙස විරෝධය පළ කරන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

ඇමැතිවරයාගේ ප්‍රකාශය නිසා අන්තර්ජාතිකව කීර්තිනාමයන් දිනා සිටින මෙරට වෛද්‍යවරුන්ට බරපතළ හානියක් සිදුවිය හැකි බව එම සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය, ලක්කුමාර් ප්‍රනාන්දු සහ ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්. ඥාණසේකරම් යන මහත්වරු පවසති. විශේෂ සුදුසුකම් නොමැති වෛද්‍ය පරිපාලන නිලධාරීන්ගේ උපදෙස් මත ඇමැතිවරයා මෙවැනි අදහස් පළ කිරීමෙන් විශේෂඥ වෛද්‍යවරුන් අපහසුතාවට මෙන්ම අපහාසයට ද ලක්වන බව එම සංගමය පෙන්වා දෙයි.

විශේෂඥ වෛද්‍යවරුන් පමණක් ඉලක්ක කර ඇමැතිවරයා කර ඇති මෙම ප්‍රකාශය ව්‍යවස්ථාවේ 12 වන වගන්තිය ප්‍රකාරව මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීමක් බවත්, රජයේ අවසරයකින් තොරව විදෙස්ගතවීම ආයතනික සංග්‍රහයට අනුව විරුද්ධ බව පිළිගන්නා හෙයින් එහිදී ක්‍රියාකළ යුත්තේ එම නිලධාරීන් සේවය අතහැර ගියා සේ සලකා යම්කිසි වන්දි මුදලක් අයකර ගැනීමට තිබේ නම් එසේ කටයුතු කිරීම බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කියා සිටී.

රෂිකා හෙන්නායක