යාලට ලක්ෂ 72ක ආදායමක්….

Date:

සුඛෝපභෝගී සංචාරක නැව්වලින් පැමිණි විදේශීය සංචාරකයන් යාල වනෝද්‍යානය නැරඹීම නිසා වනජීවියට රුපියල් ලක්ෂ හැත්තෑ දෙකක (රුපියල් 72,01541) වාර්තාගත ආදායමක් ලැබී ඇත.

ඒ අනුව නොවැම්බර් මස 30 වැනිදා පැමිණි නෞකාවේ සිටි විදේශීය සංචාරකයින් 551 දෙනකු වාහන 110කින් යාල වනෝද්‍යානය නැරඹීම සඳහා පැමිණ සිටි අතර එදින වනජීවි දෙපාර්තමේන්තුව ලද ආදායම රුපියල් හැටදෙලක්‍ෂ දහනම දහස් පන්සිය හැටකි (6,219,561)

එමෙන්ම දෙසැම්බර් මස 05 වැනිදා පැමිණි නෞකාවේ සිටි සංචාරකයින් 86දෙනකු වාහන 18කින් යාල වනෝද්‍යානය නැරඹීමට ගොස් තිබේ. එමගින් ලද ආදායම නව ලක්‍ෂ අසූ එක් දහස් නවසිය අසූ එකකි (981,981)

විදේශීය සංචාරකයින් පැමිණෙන අවස්ථාවන් හිදී ඔවුන්ට යාල වනෝද්‍යානය නැරඹීම සඳහා උපරිම කාලයක් ලැබෙන පරිදි ප්‍රවේශපත් නිකුත් කරන කවුළු ප්‍රමාණයක් වැඩිපුර විවෘත කර තබන්නැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා වනජීවි දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

එමෙන්ම ඉදිරියේ දී මෙරටට පැමිණීමට නියමිත අධි සුඛෝපභෝගී නෞකාවලින් පැමිණෙන සංචාරකයින් යාල වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන්නේ නම් ඊට පෙර සංචාරක අමාත්‍යාංශය සමග සම්බන්ධ වී අදාළ කටයුතු විධිමත් හා කාර්යක්ෂම කිරීම සඳහා පියවර ගන්නැයි ද ඇමැතිවරයා උපදෙස් දී තිබේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...