*
Wednesday, October 30, 2024
spot_img

Latest Posts

MIST එක වගේ එන ඉන්දියන් DUST එක!

කොරෝනා පිටට මරේ කොරෝනා, යුක්රේන් යුද්ධය, ආර්ථිකය බංකොලොත් වීම, ඖෂධ හිඟකම, ඉන්ධන පෝලිම්, මේ ආකාරයේ සියලු දේ වලින් බැට කෑ අපට ඔන්න තවත් ව්‍යසනයක් අතලඟ.

“පරිසර වායූ දූෂණය “
මෙහෙම කිව්වට කවුරුවත් ගණනකට ගනින් එකක් නැහැ. අද දහවල් රූපවාහිනී ප්‍රවෘත්ති වලින් මෙහි භයානක කම අපට තේරුම් කරන ලදී.

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ සවිකර ඇති වායු දත්ත මාපාංක උපකරණ වලට අනුව කොළඹ වායු තත්ව ගුණාත්මක දර්ශක (AQI) වලට අනුව දැනට කොළඹ එම අගය 187 ක් බවත් එය ශරීරයට තදින්ම අහිතකර බවත් පෙන්නුම් කරයි.කොළඹ තදාසන්න ප්‍රදේශ වලත්, එයට කිට්ටුය. රටේ උතුරු ප්‍රදේශයට තදින්ම බලපාන බව පින්තූර වලින් පෙනේ. බොහෝ ප්‍රදේශ වල වායු දත්ත මාපාංක නොමැත

පහත පින්තූර වලින් පෙන්වා ඇති පරිදි AQI අගය 50 ට අඩුවීම නිරෝගිය.51 -100 අතර මධ්‍යම උවදුරකි.100-150 අතර සමහර සංවේදි පුද්ගලයන්ට අගුණය.150-200:අතර අහිතකරය. 200-300 අතර ඉතා අහිතකරය. 300ට වැඩි නම් ජනතාවට එය භයානක උවදුරකි.
මෙම AQI අගය නිර්ණය කරන්නේ
බිම් මට්ටමේ ඕසෝන් ඝනත්වය, කාබන් මොනොක්සයිඩ් , අංශුමය වායූ දූෂණය, සල්ෆර් ඩයොක්සයිඩ් ප්‍රමාණ සලකා බැලීමෙනි.

ඉන්දියාවේ සිට ලංකාවට දෙසට හමා එන සුළඟ නිසා එය රැගෙන එන දුම් හා දූවිලි අංශු බහුලය. අපට මෙසේ සිදුවෙන බව මාධ්‍ය පවසන්නේ ඉන්දියාවේ කෘෂිකර්මයට අදාල ගිනි තැබීම් මෙයට බලපාන නිසා බවයි.

දැනට සෞඛ්‍ය අංශ නිර්දේශ කරන්නේ

1. පිටතට යන විට මුව වැස්මක් දැමීම.
2. කාර්යාල වල හෝ හැකිනම් නිවෙස්වල වායු පිරිසිදු කාරක යන්ත්‍ර සවිකිරීම
3. දුම දොර ජනෙල් වසා තැබීම
4. එළිමහන් ව්‍යායාම වලට යාම නැවැත්වීම

එයට අමතරව ඔබ විසින්
1. පරිසරයට එකතු කරන දුම් වැනි අහිතකර ද්‍රව්‍ය එකතු කිරීමෙන් වලකින්න. කුණු ගිනි තැබීම් වැනි අනවශ්‍ය ගිනි තැබීම් කෙසේවත් සුදුසු නැත. ඒවා නිසි අයට කළමනාකරණය සඳහා බාර දෙන්න.
2. පැරණි දුම් වැඩි වාහන නියමිත අංගයන්ට අනුව තිබේ නම් මිසක් මහමගට නොදමන්න.
3. රජයේ දුම්රිය,බස්රථ නිසි පරිදී නඩත්තු කිරීම. විදේශවල මෙන් නිසි දුම් ප්‍රමාණයට නැතිනම් මහ මගට දැමීමට ඉඩ නොදීම සහ ව්‍යාජ සහතික හඳුනා ගැනීම හෝ අධික දඩයක් ගැසීම
4. වායු දත්ත මාපාංක දිවයිනේ සෑම ප්‍රදේශයකම සවි කිරීම සුදුසුය.

පහත ඡායාරූප එකින් එක විමසිල්ලෙන් බලා ඒවායේ කරුණු එකින් එක තේරුම් ගැනීම ඔබේම යහපතටය. මන්ද ඉන්දියාවේ වැරැද්ද වුනත් අපත් මෙයට සෑහෙන්ට වග කිව යුතු නිසාය.



රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan