යුක්රේන වැසියන් ගැන සිහිපත් කරමින් හඬා වැටුණු පාප්තුමා!

Date:

ඊයේ (08) දින පැවැත්වූ දේව මෙහෙයක් අතරතුර දී ෆ්‍රැන්සිස් පාප්තුමා රුසියානු – යුක්රේන යුධමය තත්ත්වය හමුවේ යුක්රේනයේ වැසියන් විඳින දුක සිහිපත් කරමින් හඬා වැටී ඇති බව වාර්තා වේ.

මෙම දේව මෙහෙය පැවැත්වූයේ ඉතාලියේ රෝමයේ ස්පැනිෂ් ස්ටෙප්ස් (Spanish Steps) හි දී ය. මෙය සාම්ප්‍රදායික වශයෙන් කිතුණු බැතිමතුන් සඳහා පවත්වන දේවමෙහෙයකි.

දේව මෙහෙය ආමන්ත්‍රණය කරමින් සිටින අතරවාරයේ පාප්තුමා යුක්රේනයේ දුක්විඳින ජනතාව ගැන සඳහන් කර ඇති අතර, එහිදී තමා පාලනය කර ගැනීමට නොහැකි වූ තැන උන්වහන්සේ තම කතාව මොහොතකට නතරකර හැඟීම්බර වී තිබේ.

සිය කතාව යළි ආරම්භ කරන විට ද උන්වහන්සේගේ කටහඬ අවස්ථා කිහිපයක දී බිඳී යන අයුරු රැස්ව සිටි පිරිසට දැක ගැනීමට හැකිව තිබේ.

මෙම මොහොත පාප්වහන්සේ ට පමණක් නොව රුසියානු – යුක්රේන යුද්ධයේ අවසානයක් අපේක්ෂා කරන, සහ සාමය සඳහා පෙනී සිටින බොහෝ පිරිසකට හැඟීම්බර මොහොතක් වී ඇති බව වාර්තා වේ.

එම මොහොත කැමරා කාචයේ සටහන්ව තිබුණේ පහත පරිදි ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් එජාප නායකත්වය අතහරින්න සූදානමින්!

කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ...

ඉරණමඩු ජලාශය තවදුරටත් වාන් දමයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : මේ වනවිටත් ,...

අද (18) පාර්ලිමේන්තුව කැඳවීමට හේතුව ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18)...

ගාසා තීරයේ අවතැන් වූ ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන්ගේ තත්ත්වය ශීත කුණාටු හේතුවෙන් තවත් නරක අතට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා...