ඩයනාගේ නඩුවට සජිත්ට සහ රංජිත්ට නොතිසී

Date:

කොළම දිසා අධිකරණයේ අමාත්‍ය ඩයනා ගමගේ විසින් පවරන ලද නඩුවකට අනුව ජනවාරි 25 වන දිනා අධිකරණයේ පෙනී සිටින ලෙස සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ එම පක්ෂයේ මහා ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට නොතිසී නිකුත් කර ඇත.

අංක ඩීඑස්පී 500/2022 දරණ මෙම නඩුව අද (දෙසැම්බර් 09) මෙම නඩුව කැඳවන ලද අවස්ථාවේ පැමිණිලිකාරිය වෙනුවෙන් කරුනු දැක් වූ නීතිඥ උදිත ඉගලහේවා පෙන්වා දුන් කරුණු අනුවත්,වර්ථමානයේ එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් ධූරය දරන රංගෙ බණ්ඩාර දිව්රුම් පෙත්සමක් හරහා අධිකරණයට පෙන්වා දුන් කරුණු අනුවත් විනිසුරුවරිය මෙම නියෝගය ලබා දුන්නාය.

එක්සත් ජාතික පක්ෂ මහා ලේකම්වරයා පෙන්වා දී තිබුණේ සජිත් ප්‍රේමදාසයන් සහ රංජිත් මද්දුමබණ්ඩාර යන අය එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් ලෙසය.එසේම ඔවුන්ට එරෙහිව තවමත් අධිකරණයේ එක්සත් ජාතික පක්ෂය විසින් පැන වූ නඩුවක් විභාගයට ගැනෙමින් පවතින බව ද එම එජාප මහා ලේකම්වරයාගේ දිව්රුම් ප්‍රකාශයේ සඳහන්ව තිබිණ.

නීතිඥ උදිග ඉගලහේවා අදිකරණයට එම කරුණු පදනම් කරගෙන පෙන්වා දුන්නේ සමඟි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව එහි සාමාජිකයෙකුට වෙනත් පක්ෂයක සාමාජිකත්වය දැරිය නොහැකි බවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...