ඉතිහාසයේ දැවැන්තම රන් මගඩිය

Date:

ඉතිහාසයේ දැවැන්තම රන් මගඩියක් රේගුවෙන් හෙළිකරගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඔහු පවසන්නේ එසේ සොයාගත් රන් භාණ්ඩ වන වටිනාකම රුපියල් මිලියන 400ක් බවය.

ඉන්දියාවේ “Directorate of Revenue Intelligence” ආයතනය මගින් ලබාදි තිබු බුද්ධි තොරතුරක් විශ්ලේෂණය කිරීම මත රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකු රේගු පරිශ්‍රය තුළදී පරීක්ෂාවට ලක්කරන ලදී.

මෙ මගීන් හතර දෙනාගෙන් තුන් දෙනෙතු ඩුබායි සිට චෙන්නායි හරහා අද (09) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි.

ඔවුන්ව පරීක්ෂා කිරීමේ දී ඔවුන්ගේ බෑගයන් තුළ සඟවා තිබූ රන් ආභරණ හා ද්‍රව ලෙස සකස් කරන ලද රන් කුඩු විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි විය.

රන් ආභරණ ඉතා සූක්ෂම ලෙස හඳුනාගැනීඹට නොහැකි වන සේ වර්ණ ගන්වා තිබූ අතර, රන්කුඩු සැඟවීමට පහසු වන සේ කැප්සියුල් ආකාරයෙන් සකසා තිබේ.

තවද රන්කුඩු සූක්ෂම ලෙස ආලේප කරන ලද ඇඳුම් 30ක් සොයා ගැනීම හැකිවිය.

සොයා ගන්නා ලද රත්‍රන් වල සම්පූර්ණ බර කිලෝ 22කට ආසන්න වූ අතර වටිනාකම රුපියල් මිලියන 400කට ආසන්නය.

රේගු ඉතිහාසයේ සිදුකළ දැවැන්තම වැටලීම්වලින් එකක් ලෙස මෙය සැලකෙයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...