දේදුන්නට අත දුන් ග්‍රාන්ට් කටාර් ලෝක කුසලාන පිටිය තුළදී බැස යයි

ඔහු ලේඛණයේ විශිෂ්ඨයෙකි.පාපන්දු ක්‍රීඩාව සමබන්ධයෙන් ලොව පුරා කීර්තියක් දිනා සිටි ඔහු ඒ හරහා ලද කීර්තිය මානව සමාජයේ යහපත සඳහා වන මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් භාවිතයට ගත්තේය.ලෝක කුසලාන ගණනාවක මාධය කටයුතු සිඳුකළ මේ විශිෂ්ඨ ක්‍රීඩා මාධ්‍යකරුවාගේ ඉරණම නිමා වූයේ ද මීට පැය කිහිපයකට පාපන්දුව පෙරළෙමින් තිබෙන මොහොතකය.
ලෝක කුසලාන මාධය කුටියේ දී නෙදර්ලන්ත ආර්ජෙන්ටිනා තරගය අතර තුර ඔහු අසනීප තත්ත්වයෙන් ඇඳ වැටුණු බවත් ඒහිදි හදිසි ප්‍රතිකාර ලබා දී රෝහල් ගත කර ඇති බවත් වාර්තා වන අතර නමුත් ඒ් ප්‍රතිකාර ඔහුගේ ජීවිතය සුරක්ෂිත කරන්නට සමත් වි නැත.
ඔහුගේ පෞද්ගලික සටහන් සහ මාධ්‍ය මිතුරන්ගේ අදහස් උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ ඔහු මේ ලෝක කුසලාන තරගාවලිය පුරාම පාහේ අසනීප ගති පෙන් වූ බවය.දින 10 ට ආසන්න කාලයක් තද සෙම්ප්‍රතිශ්‍යාව නිසා ප්‍රතිකාර ගනිමින් සිට ඇති ග්‍රාන්ට් බ්‍රොන්කයිටීස් තත්ත්වයක් ඇතැයි සැක කර ප්‍රතිකාර සඳහා රෝහලට යොමු වෙන ලෙස පවසා ඇතත් ඔහු පවසා ඇත්තේ තමන් මෙවැනි අසනීප තත්ත්වයන්ගෙන් මෙවැනි තරග ආවරණයේදි පීඩා විඳ ඇති බවත් ඒය හොඳව යනු ඇති බවත්ය.
පාපන්දු ක්‍රීඩාවට දැඩි ඇල්මක් දැක් වූ ග්‍රාන්ට් වෝල් Masters of Modern Soccer, The Beckham Experiment වැනි ග්‍රන්තයන් හී කතුවරයා ය.ඒසේම ඔහු මිනිසුන්ගේ අයිතීන් වෙනුවෙන් නිර්භයව පෙනි සිටි මාධ්‍යවේදියෙකි.කටාර් හී ලෝක කුසලානය වෙනුවෙන් සංස්කෘතික සීමාවන යටතේ මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට කරන බලපෑමට ඔහු ප්‍රායෝගිකව විරුද්ධව පෙනී සිටියේය.වරක් ක්‍රීඩාංගණයට LGBTQ විරෝධයට ප්‍රතිචාර දක්වමින් දේදුණු වර්ණයෙන් සැරසී පැමිණියේය.ඒහිදී ඔහුට ක්‍රීඩා පිටියට ඇතුළුවීමට අවස්ර නොලැබුණු අතර ටික වේලාවක් ඔහුව ආරක්ෂක අංශ භාරයේ රඳවා තබා ගත්තේය.නමුත් ආරක්ෂක නිලධාරීන් නොදන්නා නමුත් පාපන්දු ලෝකයම පාපන්දු ක්‍රීඩකයෙක්ට තරමටම ගෞරව දක්වන ග්‍රාන්ට් වෙනුවෙන් ෆිෆා බලධාරීන් වහා වහා මැදිහත් විය.ඔහු පිටියට ඇතුළත් කර ගත්තා පමණක් නොව ඔහුගේ විරෝධි හැසිරිම ද කිසිවෙක්ට නවතන්නට නොහැකි විය.
නිර්භීත හදවතක් සහ මානව දයාව ධර්මතා සහ හිමිකම් ගැන අවංක පෙනී සිටීමක් සහිත වූ ග්‍රාන්ට් වෝල් සිය විශ්ලේෂණාත්මක ලිවීමේදි මෙන්ම ජීවිත භාවිතාවේදී පරස්පර වලින් තොර ලේඛණයට මෙන්ම ජීවිතයට ඒක අදහසීන් මුහුණ දුන් විශිෂ්ඨයෙක්ය.ඒ සෘජු බව විසින් අත් කරගත් ස්ථාවර බව ඔහු ගෞරවනීය පුද්ගලයෙක් බවට පත් කර ඇති අතර අද පාපන්දු ලෝකයම මේ මරණය සමඟ දුකෙන් ඇළලී ඇත්තේ එබැවින්ය.නමුත් දෛවය ඔහුට පාපන්දු ලෝක කුසලානය ඇමෙරිකාවට එනතුරු ජීවත් වෙන්නට ඉඩ නොදුන්නේය.එහෙත් ඇමෙරිකානු පාපන්දුව ඔහු අතතක නොකරන බව සහතිකය.එයට හොඳම සාධකය ඇමෙරිකානු නිල පාපන්දු ට්විටරය තබන සටහනය.
“ග්‍රාන්ට් වෝල් අහිමි වීමෙන් මුළු එක්සත් ජනපද පාපන්දු පවුලේම හදවත් කම්පා වී ඇත.පාපන්දු තමන්ගේ ජීවිතය බවට පත් කර ගත් ග්‍රාන්ට් සහ ඔහුගේ විශිෂ්ට ලේඛන තවදුරටත් අප සමඟ නොසිටිනු ඇතැයි අපි කම්පාවට පත්ව සිටිමු” යන ඒහි අදහස විය.
මේ වන විටත් කටාරය ලහි ලහියේ ඇමෙරිකානු තානාපති කාර්යාලය සමඟ සම්බන්ධව මේ සුපිරි ක්‍රීඩා මාධ්‍යකරුවාගේ අවසන් කටයුතු වෙනුවෙන් ඔහුගේ පවුලේ කැමත්ත අනුව ක්‍රියා කරන්නට සියල්ල සූදානම් කර සිටියි.ඒහෙත් ඇතැම් මාධ්‍ය යම් හිදැසක් තබමින් ග්‍රාන්ගේ මරණයට හේතුව තවම හරි හැටි අනාවරණය වී නැති බව පවසයි.දැඩි මානව හිතාවදීත්වය සහ අයිතීන් අභියෝගයට ලක් කරන නීති පද්ධතියක් ඇතුළේ සිර කොට තබාගෙන පාපන්දුවේ වින්දනය මොට කරන්නට උථ්සාහ කරන කටාරය දෙස ඒ වචන ගසා දමන්නේ යම් සැකයකින් ද?
කෙසේ හෝ ක්‍රීඩා මාධ්‍යකරණයේ නියැලුණ ග්‍රේට් ග්‍රාන්ට් යළි නොඑන්නේය.එහෙත් ඔහු අභීත මාධ්‍ය කලාවකට සහ සපිරි මනුස්ස දර්ශණයක් සහිත ජිවන භාවිතාවකට අනාගතය වෙනුවෙන් ඉතුරු කර ගිය දේ බොහෝ ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...