ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් IMF එකෙන් සුබ ආරංචියක්?

Date:

චීන බලධාරීන් සමග ඵලදායී සාකච්ඡා පැවැත්වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය පැවසුවාය.

ඇය සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ සැම්බියාව වැනි රටවල් සඳහා දී ඇති ණය සඳහා කළ යුතු දේ සම්බන්ධයෙන්ද ඔවුන් සමග සාකච්ඡා කළ බවය.

ක්‍රිස්ටලීනා ජෝර්ජිවා, ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් සහ අනෙකුත් මූල්‍ය නායකයින් මේ සතියේ චීනයේ අන්හුයි පළාතේ දී චීනයේ මහජන බැංකුවේ, චීනයේ මුදල් අමාත්‍යාංශයේ සහ එහි EXIM බැංකුවේ සහ චීන සංවර්ධන බැංකුවේ නිලධාරීන් සමඟ පෞද්ගලිකව හමු වී සාකච්ඡා පවත්වා ඇත.

ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය සදහන් කළේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල ණය කළමනාකරණය කිරීම සදහා පොදු වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබදව මෙහිදී අවධානය යොමුවූ බවයි. මෙම සාකච්ඡාවලින් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුදල් නිදහස් කිරීමට හැකිවන බවද ඇය පෙන්වා දුන්නාය.

◾IMF එකෙන් සුබ ආරංචියක්

චීනය, එක්සත් ජනපදය සහ අනෙකුත් ප්‍රධාන ආර්ථිකයන් 20 ක කණ්ඩායම විසින් 2020 අගභාගයේදී පිහිටුවන ලද ණය පොදු රාමුව මෙන්ම ණය සහන අපේක්ෂා කරන රටවල විශේෂිත අවස්ථා පිළිබඳව මෙහිදී සාකච්ඡා සිදු කළ බව ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මහත්මිය පැවසුවාය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...