පළමු වරට ශ්‍රී ලංකා පොලිසියට විශ්ව විද්‍යාල උපාධි පාඨමාලාවක් !

Date:

පළමුවරට ශ්‍රී ලංකා පොලිසියට විශ්වවිද්‍යාල උපාධි පාඨමාලාවක් හඳුන්වාදීම සඳහා වූ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ඊයේ (12) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුවිය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන ජේෂ්ඨ කථිකාචාර්ය සුදන්ත ලියනගේ මහතා විසින් අවබෝධතා ගිවිසුමට අත්සන් තබනු ලැබිණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා , විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති ජේෂ්ඨ කථිකාචාර්ය සම්පත් අමරතුංග මහතා හා ශ්‍රී ලංකා පොලිසියේ ජේෂ්ඨ නිලධාරීන් ද සම්බන්ධ වී සිටියහ.

මෙහිදී පොලිස්පතිවරයා හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙහි සභාපතිවරයා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ වසර 30 ක පමණ කාලයක සිට මෙම උපාධි පාඨමාලාව ආරම්භ කිරීමට සාකච්ඡා කෙරුණුද අවසානයේදී මහජන ආරක්ෂක අමාත්‍යතුමන්ගේ, පොලිස්පතිතුමන්ගේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපතිතුමන්ගේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන්ගේ මැදිහත් වීම නිසා කෙටි කලකින් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ට ශාස්‍ත්‍රවේදී උපාධි පාඨමාලාවක් ආරම්භ කිරීමට හැකිවූ බවයි.

මෙම උපාධි පාඨමාලාව ව්‍යවහාරික පොලිස් අධ්‍යන උපාධි පාඨමාලාව ලෙස නම් කර ඇති අතර මෙම පාඨමාලාව සඳහා පරීක්ෂක ශ්‍රේණියේ නිලධරයන් සහ සහකාර පොලිස් අධිකාරි තනතුරේ නිලධරයන් අතරින් වසරකට 150 දෙනෙකුට අවස්ථාව හිමිවේ.

මෙම පාඨමාලාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වනු ලබන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, යෝජිත ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය අත්තිඩිය සහ ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලය කළුතර යන ස්ථාන වලදී පැවැත්වේ.

සති අන්තයේදී බාහිර උපාධි පාඨමාලාවක් වශයෙන් අධ්‍යනය සඳහා අවස්ථාව හිමිවන අතර උපාධි පාඨමාලා කාලය වසර 03 කි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය